අපි කොළේ වහල ගහල නැහැ – ජනතාවට පුළුවන් තීරණයක් ගන්න (VIDEO)

පළාත් පාලන මැතිවරණය හරහා ජනතා මතය නියෝජනය කර සමඟි ජන බලවේගය ලෙස ඉදිරිපත් කර තිබෙන ආර්ථික වැඩපිළිවෙල ආණ්ඩු වෙනස් වෙන මැතිවරණයක් මඟින් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පවතින කෙටි කාලය තුළ ණය උගුලෙන් එළියට ඒම ගැන සමඟි ජන බලවේගය ලෙස කොළේ වසා ගැසීමක් සිදුකර නැති බවත් ඊට වඩා නිවැරදි විකල්පයක්ල් ඇත්නම් ජනතාවට ඒ ගැන තීරණයක් ගත හැකි බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

කෙසේවෙතත් ණය උගුලෙන් බේරීමට නම් ජාත්‍යන්තරය පිළිගන්නා කණ්ඩායමක් සහ වැඩපිළිවෙලක් තිබිය යුතු අතර ඉක්වදෝරය,වෙනිසියුලාව,ආජන්ටිනාව,සැම්බියාව,ගහනාව,ලෙබනනය වැනි රටවලින් පාඩම් උගත යුතු බව ද හෙතෙම කියාසිටියි.

ASK