*
Thursday, March 28, 2024
spot_img

Latest Posts

බෙල්ජියම කිරුළ රැක ගන්න තවත් අඩියක් පෙරට තබයි

(ජර්මණිය සහ බෙල්ජියම එකම කාණ්ඩයෙන් මූලික වටයේ සිටම කණ්ඩායම් ලෙස ක්‍රියා කරමින් සිය ප්‍රතිවාදීන්ව පාලනයට සහ අභිබවා යාමට ප්‍රමාණවත් පරිදි ක්‍රියා කරා හැරෙන්නට ඔවුන් වැඩි වෙහෙසක් දරන බවක් මෙන්ම ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතාවලට වඩාකණ්ඩායම ජයග්‍රහණය කරන්නේ කෙසේද යන්න ගැන සිතන බවක් පෙන්නුම් කරනවා.ඒ නිසා අද පැවත්වෙන අවසාන පූර්ව තරගවලදි බෙල්ජියම සහ ජර්මණිය පිළිවෙලින් පහසුවෙන් නෙදර්ලන්තයට සහ ඕස්ට්‍රේලියාවට පාලනය කරන්නට වන්නේ නැහැ.)
ඊයේ හොකී ලෝක කුසලානය සම්බන්ධ සටහනේ ඒසේ ලියන ලද්දේ වුව ද,අතපසුවීමකින් පළ නොවුණි.තරගාවලිය පුරා LNW අවශෝෂණය කර ගත් දත්ත හා තරග තොරතුරු අනුව අප විසින් මෙවර අවසාන තරගය සම්බන්ධයෙන් කී කාරණා ඔප්පු කරමින් ඊයේ පැවති අවසාන පූර්ව තරගවලදී බෙල්ජියම නෙදර්ලන්තයත්,ජර්මණිය ඕස්ට්‍රේලියාවත් පරදා ජයග්‍රහණය අත් කර ගත්තා.


අවසාන තරගයට පිවිසි මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ අපරාජිත කණ්ඩායම් වන අතර මූලික වටයෙදි කණ්ඩායම් දෙකම බී කාණ්ඩය නියෝජනය කරමින් හමු වී තරගය ජය පරාජයෙන් කෙළවර කර ගනු ලැබුවා.බෙල්ජියම ඉකුත් වසරේ සූරයන් වන අතර ජර්මණිය අවසාන තරගයකට පිවිසුණේ වසර 14 ට පසුවයි.


කණ්ඩායම් දෙකම අවසාන පූර්ව තරගවලදී ප්‍රතිවාදීන්ගේ ග්‍රහණයට දැඩිව නතු වුව ද,ඔවුන් සතු තීක්ෂණ බුද්ධිය මෙන්ම මානසික ඒකාග්‍රතාවය මත කටයුතු කරමින් අවසාන මොහොතේදී ජයග්‍රහණය කළා.
ඔස්ට්‍රේලියාව සහ ජර්මණිය අතර තරගයේදී අවසාන විනාඩි 20 දක්වාම ඕස්ට්‍රේලියාව ගෝල 2 – 1 සේ ඉදිරියෙන් සිටියත් දෙවන අර්ධයේ හතරවන කාර්තුව තුළ ඕස්ට්‍රේලියාව එක් ගෝලයක් එකතු කර ගනිද්දී,ගෝල ත්‍රිත්වයක් ලැබූ ජර්මණියේ පෙයිලාත් ගොන්ෂාලෝ ඉන් දෙකක් ලැබුවේ තරගයේ 51 වන සහ 58 වන විනාඩිවලදී යි.59 වන විනාඩියේදී තරගයේ ජර්මණියට අවශ්‍යයම ගෝලය වාර්තා වුණේ වෙලන් නිකලස් අතින්.


දෙවන අවසන් පූර්ව තරගය නියමිත කාලයේ නිමාවට පත් වූයේ වත්මන් ලෝක සූරතා හිමිකරුවන් වන බෙල්ජියම සහ නෙදර්ලන්තය ගෝල 2-2 ක් සේ සම ලකුණු ලබා සිටියදී ය.ඉනික්බිති නිදහස් පහර සඳහා යොමු වූ අතර එහිදී දෙපිළ අතරින් බෙල්ජියම ගෝල තුනක් වාර්තා කරද්දී නෙදර්ලන්තයට වාර්තා කරන්නට හැකි වූයේ ගෝල දෙකකි.වැනාස් වින්සන්ට් තීරණාත්මක මොහොතේ දී බෙල්ජියම් දැලට එල්ල වූ ගෝල තුනක්ම නිදහස් පහර අවස්ථාවේ රැක ගත් අතර නෙදර්ලන්ත දැල් රකින්නා වූ බ්ලැක් පර්මින්ට රැක ගැනීමට නොව,රැක ගැනීමට නොහැකි වූ ගෝල ගණන තුනක් විය.


ඒ අනුව මේ වන විට ලෝක කුසලානයේ හිමිකරුවන් වන බෙල්ජියමට එළැඹෙන 29 වන දා සිය සූරතාවය රැක ගන්නට අනගි අවස්ථාවක් උදා වී ඇත.නමුත් ජර්මීනය පළමු වටයේ සිටම මෙම සූරතාවය වෙනුවෙන් බෙලිජියම හමා එන ආකාරය සැළකිල්ලට ගනිද්දී කිව හැක්කේ දක්ෂයා තීරණය වන අවසාන තරගය හොඳ හොකී සිහිවටනයත් හැටියට ඔඩිස්සාවේ බුබ්නේස්වර් පිටිය වර්ණ ගන්වනු ඇති බවය.
ඡායාරූපයේ දැක්වෙන්නේ තීරණාත්මක මොහොතේදී ගෝල ත්‍රිත්වයක් ලැබූ පිලෙයිට් ගොන්ෂාලේ ගේ ඡායාරූපයක්ය.මිට පෙර ආර්ජෙන්ටිනාව නියෝජනය කර ඇති මෙම වාර්තාගත ක්‍රීඩකයා ජාත්‍යන්තර හොකී සම්මේලනයේ වසරේ ක්‍රීඩකයා සම්මානය ද දිනා ඇත.එසේ 2014 දී වසරේ තරුව වූ ඔහු එම වසරේ හොකී ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ගෝල ලාභියා වූ අතර 2016 දී ඔලිම්පික් උළෙලේ වැඩිම ගෝලලාභියා වූයේද ඔහුය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan