අපේ දුක රස කරලා අපට කියන විකට නළුවන්ට වගේම එකිනෙකාට බැන වදින චණ්ඩි නළුවන්ටත් මේ අර්බුදයට විසඳුම් දෙන්න බෑ: ගම්මන්පිල

Date:

එළඹෙන පළාත් පාලන මැතිවරණය හමුවේ වේදිකාවල කරුණු මතුකරන පුද්ගලයන් සෑමදෙනෙකුම දන්නා ප්‍රශ්න නැවත නැවත කියමින් හෝ එකිනෙකාට බැනගනිමින් සිටින බවත්, ඒ එකඳු පුද්ගලයකුට හෝ පවතින අර්බුදයෙන් රට මුදවා ගත නොහැකි බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

“ආර්ථික අර්බුදයට දැන් වසරකට වඩා වයසයි. නමුත් මේ අර්බුදයෙන් මිදෙන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. ආණ්ඩුව විතරක් නොවේ. සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් මේ දක්වා මේ අර්බුදයට උත්තරයක් දෙන්න අසමත් වෙලා තිබෙනවා.

වැඩි පොළියට ඩොලර් බිලියන 12 ක් වැනි දැවැන්ත මුදලක් 2015 -2019 කාලයේ ණයට අරන් රට ණය උගුලක සිර කළේ යහපාලන ආණ්ඩුවේ නායකයන්. රැකියා විරහිත උපාධිධාරින්ට ආණ්ඩුවේ රැකියා දෙන්න බල කරලා රටට ඔරොත්තු නොදෙන සහනාධාර ලබා දෙන්න බල කරලා ආණ්ඩුවේ වියදම මේ රටට දරා ගන්න බැරි මට්ටමට ගෙන ගියේ ජවිපෙ. ඒ නිසා ආණ්ඩුව වගේම මේ පක්ෂ සියල්ලම මේ අර්බුදයේ කොටස්කරුවන්.

පුංචි ඡන්ද වේදිකාවේ අපට මොනවාද ඇහෙන්නේ? අපි හොඳටම දන්න අපේ ප්‍රශ්න නැවත අපිටම කියනවා. නැතිනම් එකිනෙකාට පලු පැලෙන්න බැන ගන්නවා. මේ දෙකෙන් මොක කළත් මේ අර්බුදයෙන් ගොඩ එන්න බෑ. අපේ දුක රස කරලා අපට කියන විකට නළුවන්ට වගේම එකිනෙකාට බැන වදින චණ්ඩි නළුවන්ටත් මේ අර්බුදයට විසඳුම් දෙන්න බෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අහම්බයක් ….

පුරාවිද්‍යාව හදාරමින් සිටි යුගයකදීමිනිසා සහ අශ්ව හිස ළඟදීඅහම්බයකින්ය අප...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 17) දිනයේදී බස්නාහිර සහ...

ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය වාර්තා වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ජයග්‍රහණය...

ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමු අමුවේ උල්ලංඝනය කරනවා – විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා

සටහන - රුවන් නෙළුගොල්ල පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන්...