හෙලිකොප්ටරයෙන් එන නිදහස් ජනතා සන්ධානය මැතිවරණ ප්‍රචාරණ නිල වශයෙන් ආරම්භ කරයි!

Date:

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35 ක් නියෝජනය කරන මෙවර පළාත් පාලන මැතිවරණයට ‘හෙලිකොප්ටරය’ ලකුණෙන් තරග කරන ‘නිදහස් ජනතා සන්ධානය’ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කොළඹදී ඊයේ (27) දින නිලවශයෙන් ආරම්භ කළේය.

එහිදී ‘නිදහස් ජනතා සන්ධානය’ පළාත් පාලන මැතිවරණයේ තේමාව වන ‘නිදහස් වෙමු’ යන තේමාව සහ එම පක්‍ෂයේ සමාජ මාධ්‍ය පිටුව සහ එහි ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වූ අතර ‘නිදහස් ජනතා සන්ධානය’ට ඇතුළත් පක්‍ෂවල නාකයකයෝ සහ නියෝජිතයෝ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූහ.

පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය චරිත හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, උදයන කිරිදිගොඩ සහ ගාමිණි වලේගොඩ, නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපල සහ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...