අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලී වංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස්පත්‍රය පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය අද පැවැත්වෙයි.

ත්‍රෛනිකායික මහ නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඵෙතිහාසික ජය ශ්‍රී මහ බෝධි මහ මඵවේදී පස්වරු 2.30 ට එම උත්සවය පැවැතවේ. අභිනව අටමස්ථානාධීපති නාහිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුකෙරේ. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උන්වහන්සේට විජිනිපත පිළිගන්වයි.

රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන මෙම පුණ්‍ය මහෝත්සවයට දේශපාලන පක්‍ෂ නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයෝ තානාපතිවරු සහ පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරු ඇතුඵ පිරිසක් එක් වෙති. තායිලන්තයේ සිට මෙරටට වැඩමකළ භික්ෂුණීන් වහන්සේ ද මීට සහභාගී වෙති. තායිලන්තයේ සිට ගිහි දායක දායිකාවන් 28 දෙනකු පැදැණ ඇති අතර එම පිරිසද අනුරාධපුරයේ පැවැත්වෙන මෙම පුණ්‍යමහෝත්සවයට සහභාගි විමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...