කුඩාබාලගේ යළි රක්ෂණ සංස්ථාවට. විජිත හේරත් යළි විදුලිබල මණ්ඩලයට

Date:

එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරය සඳහා එහි හිටපු සභාපති විජිත හේරත් මහතාව පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

විජිත හේරත් යනු එම්. සී. සී. ෆර්ඩිනැන්ඩෝ මහතාට පෙර ලංවිම සභාපතිවරයා වශයෙන් කටයුතු කළ, අත්දැකීම් සහිත නිලධාරියෙකු වන අතර ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු ද වේ. ඒ මහතා මේ වනවිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරයි.

එසේම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය සඳහා එහි හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයකු වූ පියදාස කුඩාබාලගේ මහතාව පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

පියදාස කුඩාබාලගේ යනු වත්මන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරය දැරූ සමයේ එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් කටයුතු කළ, අත්දැකීම් බහුල පුද්ගලයෙකි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ මුදල් අවභාවිතාවක් පිළිබඳව චෝදනා කරමින් පසුගිය යහපාලන රජය සමයේදී ඔහු ඇතුළු තිදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබුණු අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 වසරේදීම විශේෂ මහාධිකරණය විසින් ඔවුන් නිදොස්කොට නිදහස් කෙරිණි.

පියදාස කුඩාබාලගේ මහතා මේ වනවිට ලාෆ්ස් සමාගමේ Group CEO වශයෙන් කටයුතු කරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...