සත්තු වත්තෙත් විරෝධතා! (VIDEO)

Date:

දෙහිවල සත්වෝද්‍යානයේ අද (28) නිහඬ විරෝධයක් සංවිධානය කර තිබුණි.

ඊට පශු වෛද්‍ය අංශය, සත්ව අංශය, උද්‍යාන අංශය ඇතුළු අංශවල ඒකාබද්ධව සිටි අතර සත්වෝද්‍යානයේම පිරිසක් විසින් ගෙන යන කඩාකප්පල්කාරී වැඩපිළිවෙලට එරෙහිවයි එම විරෝධය සංවිධානය කර තිබුණේ.

මෙම විරෝධතාවට සම්බන්ධ වී සිටි පශු වෛද්‍ය අංශය වෙනුවෙන් වනජීවී පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික චන්දන රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ බොරු චෝදනා එල්ල කරමින් පශු වෛද්‍ය අංශයට සිය සේවය සලසා දීමට ඉඩ නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බවයි.

එමෙන්ම සෘජුව රාජකාරී කරන නව අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ෂර්මිලා රාජපක්ෂ මහත්මියව පලවා හැරීමට ද කඩාකප්පල්කාරී කණ්ඩායම උත්සහ ගනිමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව රජයෙන් ඉල්ලා සිටින්නේ නව අධ්‍යක්ෂ ජනරාල්වරියගේ සේවය තවදුරටත් සත්වෝද්‍යානයට ලබා දීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද චන්දන රජාපක්ෂ මහතා සඳහන් කරන ලදී.

මෙම විරෝධතාවට දෙහිවල සත්වෝද්‍යානයේ ජාතික සේවක සංගමය ද සහය පළකර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම දූපත රැකගැනීම වෙනුවෙන් අද කොළඹදී මහජන විරෝධයක්! (PHOTOS)

කොළඹ LNW:මන්නාරම දූපත රැකගැනීම අරමුණු කරගනිමින් අද (19) කොළඹ...

​තිරය පිටුපස සැඟවුණු වෛරයට බිලිවූ පිය සෙනෙහස: සුරංග වෙල්ලාලගේ අකල් මරණය අපට කියාදෙන පාඩම

​2025 සැප්තැම්බර් 18 වැනිදා, ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට්...

අලි රොෂාන්ට බරපතළ වැඩසහිත දීර්ඝ සිරදඬුවමක්. කෝටි දෙකකට අධික දඩයකුත් නියම වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස අලියකු සන්තකයේ...