*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පැට්‍රික් ලුමුම්බා. අප්‍රිකාවේ අකලට නිවාදැමූ ගිනිසිලුව!

 මගේ ජීවිතයේ මුලින්ම දේශපාලන කාරණයක් දෙස අවධානය යොමුවූයේ මට යන්තම් වයස දහයක් හෝ එකොළහක් වන විට ප්‍රිකාවේ නිදහස් කොංගෝ රටේ නායකයා වූ පැට්‍රික් ලුමුම්බා මරාදැමීම පිළිබඳ ප්‍රවෘත්තියයි. ඉතා ළාබාල අවධියේ සිටියා වුවත්, ඒ වන විට ලංකාවේ අද මෙන් පැතුරුණු මාධ්‍ය ජාල නොතිබුණා වුවත්, පුවත්පත් මගින් සහ ගුවන්විදුලියෙන් මෙම සාහසික දේශපාලන ඝාතනය පිළිබඳව ලංකා සමාජයේ රූපයක් ඇති කරනු ලැබීය. අධිරාජ්‍යවාදය විසින් නිදහස් කොංගෝවේ නායකයා වන ලුමුම්බා මරා දැමීම අප සමාජයට ද යම් අයුරනින් බලපෑමක් ඇති කල අතර මා වැනි කුඩා ළමයින්ට පවා එම දේශපාලන ඝාතනය මනසට දනවන ආකාරයක් ඇති කරනු ලැබීය.

කොංගෝවට නිදහස ලැබෙන්නේ 1960 ජූනි 30 වෙනිදා ය. නිදහස් කොංගෝවේ පළවෙනියට ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වන අගමැතිවරයා පැට්‍රික් ලුමුම්බා වෙයි. ඔහු රටට අලුත් යුගයක්, රටේ ජනතාවට රටේ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීමට අවස්ථාව සලසා දීම ගැන කතා කරන ලදී. අදිරාජ්‍යවාදීන් අත තිබූ ප්‍රධාන ධන උපයන මාර්ග රජයට පවරාගෙන රටේ දියුණුව සඳහා යොදා ගන්නා බව පැවසීම ඔහු තමන්ට මරණ සහතිකය ලියා ගැනීමක් විය. ඔහු නොබියව අධිරාජ්‍යවාදයට මුහුණදීමට ක්‍රමවේදයන් පිළිබඳ සොයා බැලීමත්, යටපත් කිරීමට එරෙහිව නොබියව කතා කිරීමත්, අධිරාජ්‍යවාදීන් සමග හවුලේ ජාතික සම්පත් හොරාකෑමට එකඟ නොවීමත් ඔහුගේ ජීවිතය ඉතා කෙටි කාලයකින් අවසාන කිරීමට අධිරාජ්‍යවාදීන්ට හේතු සැපයීය.

  කෝංගෝව නිදහස් කරන දිනයේ කතා පැවැත්වීමට දී තිබුනේ විවිධ සුදු අධිරාජ්‍යවාදී පුද්ගලයින්ට පමනි. බෙල්ජියම් රජු කතාකරමින් ඔවුන් „කොංගෝව දියුනු“ කල අයුරුත් කොංගෝව “සබ්යත්වයට” ගෙන ආ අයුරත් වර්ණනා කරනු ලැබීය. නිදහස්දින වැඩසටහනට අනුව ලුමුම්බාට එදා කතා කිරීමට අවස්තාවක් සකස් කර නොතිබුණි. නමුත් බලයෙන්ම කතාවක් ගත් ඔහු එම කතාවෙන් විශාල ආන්දෝලනයක් ඇති කරනු ලැබීය. “උදෑසනත්, දහවලත්, රාත්‍රියේත් නොනවත්වා අපිව පාච්චලයට ලක්කිරීම, අපහාසයට ලක්කිරීම, යටපත්  කිරීම, වදයට ලක්කිරීම, පහරදීම ආදී මේ සියලු දෙයම අපට ඉතා හොඳින් හුරුය. ඒ අපි නීග්‍රෝ වරු ලෙස පහත් කරමිනි. ඒ වගේම යටපත්කිරීමේ රජයට එකඟ නොවූ, එයට එරෙහිව නැගුන අපේ රටේ ජනයා මරාදැමු සහ සමූල ඝාතනයන් කල අයුරු අප අමතක නොකරන්නෙමු. අපේ රටේ ජනතාව යටපත් කිරීමට සහ ඔවුන් සූරා කෑමට මතුවට අපි ඉඩ නොදෙන්නෙමු.” ඔහු පැවසීය.

බෙල්ජියම් රජුගේ පුද්ගලික දේපලක් ලෙස තිබූ කොංගෝවට නිදහස දුන්නාවුවත් නිදහස් කොංගෝ වැසියන් දැකීම ඔවුන්ගේ පැතුම නොවීය. 

එදා ඔහු කල කතාව නිසා ඔහුව මරා දැමීමට ධිරාජ්‍යවාදීන් සනිටුහන් කර ගත් බව එසේ නැත්නම් ඔහුගේ කතාවම ඔහුට මරණ සහතිකය ලියා තැබූ බව පසුව එලිදරව්විය. මාස තුනක වැනි කෙටි කාලයකට පසු කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ ඔහු සැඟවෙන අතර තවත් මාස තුනක පමණ කාලයක් සැඟවෙමින් ජීවත් වූ අතර ඔහුගේ දරු දෙදෙනා සහ බිරිඳ ඊජිප්තුවේ තානාපති වරයාගේ සහාය ඇතුව ඊජිප්තුවට වෙනත් නම් වලින් පලා යනු ලැබේ. ඔහුගේ දරු දෙදෙනා හැදී වැඩෙන්නේ ඊජිප්තුවේ මෙම තානාපති සබඳතා මැද නසාර්ගේද සහාය ඇතුවයි. ලුමුම්බා අග්‍රාමාත්‍යවරයා වශයෙන් ඇත්තෙන්ම තම රාජකාරිය කරනු ලැබුවේ මාස තුනක් පමණි. ඉන්පසු ඔහුට සැඟවීමට සිදුවිය. 

 1960 ජුනි මාසයේ දී අගමැති බවට පත්වූ පැට්‍රික් ලුමුම්බා මාස තුනක් යනවිට කුමන්ත්‍රනයකින් බලයෙන් පහ කරනු ලබයි. බෙල්ජියමෙන් ගිය රහස් තානාපති පනිවිඩ මගින් කියා තිබුනේ ලුමුම්බා යනු „යක්ෂයකු“ බවත් වහාම „විනාශකලයුතු“ බවත්ය.  1961 ජනවාරි 17 දා වන විට ඔහුව මරා දමනු ලැබ තිබුණි. ඔහුව පැහැරගෙන ගිය සී. අයි. ඒ. කණ්ඩායම් ඔහු මරා වළලා දැමූ අතර ඔහුගේ මලමිනිය බෙල්ජියන් කොලනි පොලිස් නිලදාරීන් දෙදෙනකු විසින් ගොඩ ගෙන ඒ වැළලූ තැනින් රැගෙන ගොස් කැලයේදී කෑලිවලට කපා ඇසිඩ් භාජනවල ගිල්වා සම්පුර්ණයෙන් දිය කර හරිනු ලැබුවේය. ඔහුව දියකල පොලිස් භටයන් ඔහුගේ දත් දෙකක් පමනක් ගලවා තබා ගෙන සරීරයේ අනෙක් කොටස් දියකරහැරිණි. ඒ ඔහුගේ මිනිහට පවා අධිරාජ්‍යවාදීන් තිබූ බිය නිසාවෙනි. එදා සිට අද වන තුරු ම ඒ නිසාම පැට්‍රික් ලුමුම්බා කියන නම මුළු අප්රිකාවේ පමණක් නොව ලෝකයේ අධිරාජ්‍යවිරෝධී සෑම මිනිසෙකුගේම හදවත් තුළ තැන්පත් විය. ඔහුගේ නාමයෙන් මොස්කව් වල හයෝගීතා විශ්වවිද්‍යාලයක් සෝවියට් රජය විසින් එදා පිහිටුවනු ලැබුවේය. මේ ජනවාරියට පැට්‍රික් ලුමුම්බා අතුරුදහන් කර වසර 61කි. 

බෙල්ජියමේ යටත් විජිතයක් ලෙස පැවතුන කොංගෝව විශාල භූමි භාගයකට ද හිමිකම් කියනු ලැබීය. දියමන්ති ආකර, ඇත් දල, රත්තරන් ආකර, උරාන්, තඹ ආකර සහ රබර් කොකෝවා වැනි වගාවන් මෙන්ම තවත් එවැනි විශාල ඛනිජ සම්පත් වලට හිමිකම් කිවූවා උවත් මෙම රාජ්‍යය තුල කොංගො ජනයා එදා ජීවත්වූයේ අන්ත දරීද්‍ර තාවයෙණි.

අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවන් සඳහා රබර් වතුවල වැඩ කිරීම සහ දියමන්ති සහ අනිකුත් ආකර වල වැඩ කිරීම සඳහා ඔවුන් මිනිසුන් යොදා ගනු ලැබුවේ තුට්ටුදෙකේ දීමනාව කට නැත්නම් වහලුන් ලෙසයි. තම වැඩ කොටස් හරියට ඉටු නොකර වැරදි කළවුන්ට අත පය කැපීම වැනි දඬුවම් දෙමින්, හිපපොටේමස් කසයෙන් පහර දෙමින් වධයට ලක් කර මිය ගිය ප්‍රමාණය මිලියන් දහයකට වැඩි යයි සලකනු ලැබේ. 

1925 උපත ලද පැට්‍රික් ලුමුම්බා උපතින් මධ්‍යම පන්තියට හිමි අයෙකු වූ අතර රටෙහි ඇති වූ විවිධ කැරලිවලට ඔහු මුලින් සම්බන්ධයක් නොවීය. තැපැල් සේවයේ නිලධාරියකු ලෙස සේවාවට පත්වූ ඔහු රටෙහි නිලධාරීන් සඳහා වූ ක්ලබ් එකට යෑමටත් පොතපත කියවීමටත් විශාල ලෙස තම කාලය වැය කරනු ලැබීය. ක්‍රමයෙන් ඔහු දේශපාලනය මිනිසකු බවට පත් වන අතර ඒ වන විට කොංගෝවේ මිලියන 15ක ජනගහනයකට විෂ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා සිටි ප්‍රමාණය වූයේ තිස්දෙනෙක් වන අතර ඔහු එයින් එකකු විය. කෙසේ වුවත් ඉතා දියුණු මනසකට සහ දක්ෂ කථිකත්වයකට හිමිකම් කිවූ ඔහු ක්‍රමයෙන් දේශපාලන වශයෙන් නිදහස සඳහා අරගලයේ කොටස්කරුවකු බවට පත්විය.

 කෙසේ වුවත් එදා යුරෝපයේ “අප්රිකාවේ ලෙනින්” ලෙස හැඳින්වූ පැට්‍රික් ලුමුම්බාගේ දිවිය ඉතා කෙටි කාලයකින් අවසන් වන්නේ මොබුටුගේ දීර්ඝකාලීන ඒකාධිපතිවාදයට රට යටත් කරමිනි. සියලු ධන සම්පත් සොරා කන මොබුටුව 1997දී රටේ ජනතාව නැගී සිට පලවා හරිනු ලබයි. ඔහු ප්‍රංශයට පළා එන අතර ජීවිතයේ අවසාන කාලය ඔහු ප්‍රංසයේ ගත කරයි.

 එදා යම් ආකාරයකින් ලුමුම්බා මරා නොදැමූවානම් කොංගෝ ජනතාවගේ අනාගතය අද මේ අයුරින් නොපවතිනු ඇත. සම්පූර්ණ ස්වර්ග රාජ්‍යයක් වෙත ගමන් නොකෙරුවා විය හැකි නමුත් මොබුටු වැනි ඒකාධිපතියන් යටතේ දරිද්‍රතාවයට ඇද දැමූ, රාජ්‍ය දේපළ කොල්ල කෑ රටක් ලෙස නොව ඊට වඩා දියුණු මිනිසුන් සහ සමාජය දියුණු මට්ටමකට ගෙනා සමාජයක් කොංගෝවට හිමිවීමට ඉඩ තිබුනි. කෙසේ වුවත් තාමත් කොංගෝව ම්පූර්ණයෙන් එම විනාසකාරී ග්‍රහණයක් ගෙන් මිදී නොමැති බව අද එහි පවතින දේශපාලනය දෙස බැලීමේදී පෙනී යයි.

ඊජිප්තුවට පලාගිය ලුමුම්බා ගේ දියණිය සහ පුතා ඊජිප්තුවේ හොඳින් හැදී වැඩෙන අතර ලුමුම්බා ගේ දියණිය වන ජුලියානා ලුමුම්බා වැඩිදුර අධ්‍යාපනයට පැරිසියට එන අතර ඉන්පසු බෙල්ජියමේ ද අධ්‍යාපනය ලබා අද වන විට නැවත කොංගෝවට ගොස් එහි දේශපාලනයේ කොටස් කාරියක් හැටියෙන් ද කලක් වැඩ කර සමාජ ක්‍රියාකාරිනියක් විදිහට එහි ජීවත් වෙයි.

රංජිත් හේනායක ආරච්චි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan