නිව් ඇන්තනීස් ෆාම්ස්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මස් ආහාර නිෂ්පාදනයක් සඳහා කාබනිකව දිරාපත් වන ඇසුරුමක් හඳුන්වා දෙයි

Date:

2022 ජනවාරි 26

නිව් ඇන්තනීස් ෆාම්ස්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මස් ආහාර නිෂ්පාදනයක් සඳහා කාබනිකව දිරාපත් වන ඇසුරුමක් හඳුන්වා දෙයි

ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීමේ අරමුණින්, නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම තම නිෂ්පාදන ඇසුරුම් සඳහා 100%ක්ම කාබනික ඇසුරුමක් හඳුන්වදීමට පියවර ගෙන තිබේ. ඒ, ශ්‍රී ලංකාව තුළ කාබනිකව දිරාපත් වන නිෂ්පාදන ඇසුරුමක් හඳුන්වා දුන් ප්‍රථම මස් ආහාර නිෂ්පාදන සමාගම බවට පත්වෙමිනි.  

සමාගමේ ‘හරිතහරි‘ චිකන් නිෂ්පාදනය වෙනුවෙන් නිර්මාණය කෙරුණු මෙම කාබනිකව දිරාපත්වන ඇසුරුම සෑදීමට, සෙලියුලෝස්, ශාක තෙල්, සීනි සහ බට ලී භාවිත කර ඇත. මෙම ඇසුරුම ඉතා ඉක්මණින් සහ ආරක්ෂිතව දිරාපත් වන බැවින්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයට සාපේක්ෂව මෙය වඩාත් දිගු කාලීන සහ තිරසර විසඳුමකි.

එහිදී පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන ආකාරයට සාමාන්‍ය ඇසුරුමක දක්නට ලැබෙන සියලු ලක්ෂණ ඇතුළත්, එමෙන්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි හෝ කාබනිකව දිරාපත් වන ආකාරයේ ඇසුරුමක් හඳුන්වාදීමට හැකිවී ඇත. 

″සියයට සියයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කළ කාබනිකව දිරාපත්වන ඇසුරුමක් හඳුන්වාදීම, තිරසරභාවය සහ පාරිසරික සංවේදීතාව පිළිබඳ අප සමාගම සතු පුළුල් දැක්මෙහි කොටසක් ලෙස හැඳින්විය හැක. ප්‍රධාන පෙළේ පර්යේෂණ ආයතන, විශේෂඥයින් සහ විද්වතුන් සමඟ එක්ව, අපගේ නිෂ්පාදන සඳහා තිරසර ඇසුරුම් නිර්මාණය කිරීමට ඇති හැකියාව පිළිබඳ අපගේ පර්යේෂණ හා සංවර්ධන කණ්ඩායම අඛණ්ඩව පර්යේෂණ සිදුකරයි″, යනුවෙන් නිව් ඇන්තනීස් ෆාම්ස් ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ප්‍රකාශ කළේය. 

සංඛ්‍යා ලේඛන වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික ප්ලාස්ටික් භාවිතය 15%ක අගයක් ගන්නා අතර, ආනයනය කෙරෙන ප්ලාස්ටික් අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් ලක්ෂ ගණනක් අතුරින් 70%ක්ම දේශීය භාවිතය සඳහා යොදාගැනේ. මෙම අධික ප්ලාස්ටික ප්‍රමාණය හේතුවෙන් ගොඩබිම මෙන්ම සාගරය ද දැඩි පාරිසරික දූෂණයකට ලක්ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජෛව පද්ධතියට ද දැඩි තර්ජනයක් එල්ල කරමිනි. 

එම පසුබිම මත, වගකීම් සහගත ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ මෑතක සිට ශ්‍රී ලංකාව තුළ විශාල කතාබහක් නිර්මාණය වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ නිෂ්පාදන සමාගම්, නැවත භාවිත කළ හැකි, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි හෝ කාබනිකව දිරාපත් වන ඇසුරුම් හඳුන්වාදීමට යොමුවී සිටියි. මස් ආහාර නිෂ්පාදන අංශය තුළ එවැනි භාවිතාවක් ක්‍රියාවට නැංවූ පළමු සමාගම බවට පත්වීම, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට මහත් සතුටකි. 

මේ අතර, නෙදර්ලන්තයේ Control Union Certifications ආයතනය විසින් පිරිනමනු ලබන ISO 14064-3-2006 ප්‍රමිතීන්ට අනුකූල, හරිතාගාර වායු (GHG) සහතිකයක් දිනාගත් ශ්‍රී ලංකාවේ එකම මස් ආහාර නිෂ්පාදකයා වීමේ ගෞරවය ද සමාගම සතු ය. ඉන් නොනැවතී, පාරිසරික සහ සමාජීය වටිනාකම් ආරක්ෂා කිරීම පදනම් කරගත් වැඩසටහන් ගණනාවක් සමඟ තිරසරභාවය උදෙසා සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරගැනීමට නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම පියවර ගෙන ඇත. 

වර්ෂ 1986දී ආරම්භ වුණු සමාගම, ගෙවුණු වසර ගණනාව මුළුල්ලේ ඉහළ සාර්ථකත්වයක් හා වර්ධනයක් මෙන්ම විශ්වාසය හා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මහත් කීර්තියක් ද අත්කරගෙන සිටියි. තව ද, ගෝලීය මට්ටමේ ප්‍රමිතීන් සහ භාවිතාවන් අනුගමනය කරන නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගමට, GMP, HACCP, සහ ISO 22000 වැනි ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක් සහ දේශීය හා ජාත්‍යන්තර හලාල් ප්‍රතීතන සහතික ද හිමිව තිබේ.  

  • අවසන් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...