බොර තෙල් මිල පහළට!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉහළ ගිය ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (20) උදෑසන වනවිට සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82ක් දක්වා පහළ බැස තිබේ.

ඊයේ දිනයේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලය ඩොලර් 115 සීමාවද ඉක්මවා ගොස් තිබුණු අතර ආර්ථික විශ්ලේෂකයින් ගණන් බලමින් තිබුනේ යුද්ධයේ පීඩනය වැඩි වුවහොත් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150ත් 200ත් අතර මිලකට ඉහළ යනු ඇති බවටයි.

මේ අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් (WTI) බොරතෙල් බැරලයක අගයද ඩොලර් 93.43ක් දක්වා අඩුවී ඇත.

එහි අගයද ඊයේ ඩොලර් 100 ඉක්මවා ගොස් තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව තෙල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩනයකට ලක් වෙයිද?

මැදපෙරදිග තෙල් සැපයුම් බිඳවැටීම් පිළිබඳ නැවත තැති ගැන්මක් ඇතිවූ...

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන්...

තවත් හස්තියෙකුගේ ජීවිතේ අනතුරේ: විෂක් හෝ පොලිතීන් ආහාරයට ගත්තාදැයි සැකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : අම්පාර, සම්මන්තුරේ ප්‍රදේශයේදී...

ඉරානයට එරෙහිව අද ප්‍රහාරයක් එල්ල විය හැකි බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ඉරානයට එරෙහිව...