කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන සඳහා මුදල් සහ කෝටි 05 ක උපකරණ කට්ටල

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන 07ක ආරම්භ කළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මේ වන විට ඉතාමත් සාර්ථක ව ක්‍රියාත්මක වන බව සඳහන් වේ. එය ආරම්භ කරනු ලැබූයේ කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශණය කර ගැනීමේ පියවරක් වශයෙනි.

මේ යටතේ එම ගම්මානවල විවිධ කෘෂි ව්‍යාපෘති ආරම්භ කර ඇත.

රජය විසින් ලබා දෙන ව්‍යාපෘති නොව ගොවි ජනතාවගේ හැකියාව හා ඉල්ලීම මත අරඹන ලද ව්‍යාපෘති රැසක් මේ වනවිට එම ගම්මානවල ක්‍රියාත්මක වන බව සඳහන් වේ.

ඒ යටතේ ජදුර කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයට හා කච්චිගල්ආර ඇඹුල් කෙසෙල් සැකසුම් කලාපයට ජලය ඉසින යන්ත්‍ර, පසු අස්වනු නාස්තිය අවම කරලීම සඳහා වන ප්ලාස්ටික් ඇසුරුම් උපකරණ, කෘෂි හානි වැලැක්වීම සදහා අවශ්‍ය වන ආරක්ෂිත දැල්, හා මුල්‍යමය වියදම් සඳහා අවශ්‍ය වන මුල්‍යමය ප්‍රතිපාදන ඇතුළු රුපියල් කෝටි පහක් වටිනා උපකරණ කට්ටල බෙදා දෙනු ලැබිණ.

ඒ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතිනි.

අගුනකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී, මේ සදහා වන වැඩ සටහනක්  පැවැත්විණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...