අද දිනන්න ඕනි තරගයකට ශ්‍රී ලංකාව මුහුණ දෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 28 කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සී කාණ්ඩයේ පළමු තැන හිමිවන කණ්ඩායම තීරණය කරන තරගය අද පැවත්වෙනවා.ඒ හ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතරයි.කණ්ඩායම් දෙකම තරග දෙක බැඟින් ජයගෙන සිටින අතර ඕස්ට්‍රේලියාව ලකුණු වේගය අතින් පෙරමුණ ගෙන සිටිනවා.

ශ්‍රී ලංකාව ජයගත් තරග දෙකේම පිතිකරණයෙන් සාර්ථක වූ බවක් දකින්නට ලැබුණේ නැහැ.එහෙත් අඩු ලකුණු පූවරුව පන්දු යවන්නන් විසින් හොඳින් කළමණාකරණය කිරීම නිසා ශ්‍රී ලංකාව තරග දෙකෙන්ම ඉහළ මට්ටමේ ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුණා.මේ තරග පැවති තණතීරුවල තත්ත්වය අනුව සිඳු වූ අඩුපාඩුවක්ද යන්න සොයා බලන්නට ලැබෙන තරගය අද පැවත්වෙන තරගය බැවින් එය ද ශ්‍රී ලංකාවට තීරණාත්මකයි.

කෙසේ වුවත් සුපුන් වඩුගේ සහ දිනුර කළුපහණ තරග දෙකේදී ලකුණු අතරට ඒමට සමත් වූ අතර දිනුර තුන් ඉරියව්වෙන්ද කැපී පෙනෙන දස්කම් දක්වන්නට සමත් වුණා.කණ්ඩායම් දෙකම අවසන් කණ්ඩායම් අට අතරට ඒමේ හැකියාව සහිත කණ්ඩායම් වුව ද ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලකුණු අතරට ඒම මේ තරගයේදී අතිශයින් වැදගත් වෙනවා.විශේෂයෙන් නායක සිනෙත් ජයවර්ධන මෙන්ම ආරම්භක පිතිකරු පුළිඳු පෙරේරා සහ රුසඳ ගමගේ ලකුණු අතර සිටිමින් මේ තරගාවලියට සුදුසුකම් ලැබූ පිතිකරුවන් ලෙස ඉතා උවමනාවෙන් පිත්ත හැසිරවීමට අවධානය යොමු කිරීම වටිනවා.

එසේම නිලකුණු පන්දු ප්‍රමාණය වැඩි කර ගැනීමෙන් ඉණිමේ අවසාන භාගයේ පීඩනය වැඩි කර ගැනීමේ තත්ත්වයට මුහුණ නොදී වැඩි අවධානයක් කෙටි ලකුණු කෙරෙහි යොමු කිරිම මේ තරගයේදී වැදගත් වෙනවා.බොහෝ විට පිතිකරණ නාමාවලිය ශක්තිමත් කිරීමට සුපුනු වඩුගේ කැඳවීමේ සාර්ථක තීරණය ගත් ආකාරයෙන්ම පීඩනයෙන් ගොඩ ඒමට අවශ්‍යය පරිසරය සකස් කිරීම කෙරෙහි පුහුණුකරු ජෙහාන් මුබාරක් මේ තරගයේදී ද කණ්ඩායමේ යම් වෙනස්කම් ඇති කිරීමට ඉඩ තිබෙනවා.

ආසියානු තරගාවලියේ පරාජයෙන් පසුව මේ තරගාවලියට හොඳ මානසික මෙහෙයුමක් සහිතව විශ්වාසයෙන් තරග වඳින බවක් දැකිය හැකි අතර තමන්ගේ ප්‍රතිවාදියා අභිබවා යා හැකිය යන්න සහ ඔහුට සමීපයට ඒමට නොදී නවතා ගැනිය හැකිය යන්න ක්‍රීඩකයන්ගේ තරග රටාවෙන් දැකිය හැකි වෙනවා.ඒ විශ්වාසය සඳහා තරුණ ක්‍රීඩකයින්ට මානසික විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍යය අභිප්‍රේරණ පහසුකම් සපයා දෙමින් භාතිය අර්ථනායක වැන්නන්ගේ දායකත්වයෙන් ලබා දුන් ආශිර්වාදය ද ඒ විශ්වාසය පිටුපස තිබිය හැකියි.ඒවා නිරන්තරයෙන් මාර්ගගත ක්‍රමයට හෝ පවත්වා ගැනීමට අවශ්‍යය පරිසරය සකසා ගැනීමට ඇති හැකියාව ගැන ද ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කිරීම වටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...