යාපනය ඌර්කාවතුරේ අධිකරණයෙන් ඉන්දීය ධීවරයින් 12 දෙනෙකුට නිදහස!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු , යාපනය ඌර්කාවතුරේ අධිකරණයෙන් නිදහස ලැබ ආපසු ඉන්දියාව බලා පිටත් කොට යැවීම  නාවික හමුදාවේ අධීක්ෂණය යටතේ ඊයේ ( 27)  සිදු වූ බව වාර්තා වේ.

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කිරීමේ චෝදනාව මත මෙම ඉන්දීය ධීවරයින් 12 දෙනා පසුගිය ජනවාරි 8 වෙනිදා නාවික හමුදාව විසින් යාපනය මුහුදු සීමාවේදී අත් අඩංගුවට ගෙන තිබුණි.

ඔවුන් පැමිණි යාත්‍රා දෙකක්ද නාවික හමුදා බාරයට ගැණුනු අතර  එම යාත්‍රා නාවික හමුදාව බාරයේ තබා ඇත. ධීවරයින් 12 දෙනා යාපනයේ ධීවර පරීක්ෂක නිලධාරීන් වෙත බාර දීමෙන් පසුව ඔවුන්ව යාපනයේ ඌර්කාවතුරේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කෙරුණි.

දෙවන වර ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් 12 දෙනාට මාස 18 ක අත් හිටවූ හිර දඩුවමක් වසර පහක කාලයකට පනවන ලද ඌර්කාවතුරේ විනිසුරු ජේ. ගජනිතිබාලන් මහතා එම ධීවරයින්ව ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට නියෝග කොට තිබුණි.

ඒ අනුව නාවික හමුදාව, යාපනය  සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය හා යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය එක්ව එම ධීවරයින් 12 දෙනාව ඉන්දියාව බලා පිටත් කොට යැවූ අතර, පසුගිය සතියේදී මෙවැනිම ඉන්දීය ධීවරයින් 42 ක් කිසිදු දඩුවමක් ලබා නොදී ආපසු ඉන්දියාව බලා පිත්කොට යවන ලද අතර ඊට උතුරේ ධීවර සංගම් වල විරෝධයද පල වූ බවට වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...