*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ත්‍රිවිධ හමුදා සහ පොලිස් සහයද සමඟින් සංචාරක කර්මාන්තය නව ගමනක!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් හමුවී තිබේ.

ඒ සංචාරක ව්‍යාපාරයට නව අත්දැකීම් රැසක් එක් කිරීම වෙනුවෙන් නව යෝජනා රැසක් සමඟයි.

ඒ අනුව පොලිසිය සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ගුවන් හමුදාව දිවයින තුළ අභ්‍යන්තර ගුවන් ගමන් වැඩි කිරීම, නාවික හමුදාවේ සහභාගීත්වයෙන් සමුද්‍ර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සහ හමුදාවේ සහභාගීත්වයෙන් ජීවිතාරක්ෂක වැඩසටහනක් ආරම්භ කිරීම ඊට ඇතුළත් ය.

ශ්‍රී ලංකාව මෙරට ප්‍රධාන විදේශ විනිමය ප්‍රභවයක් වන සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි උනන්දුවෙන් අවධානය යොමු කරනමුත් එහිදී අතිශය වැදගත් යටිතල පහසුකම් නොමැති කමින් ගැටළු වලට මුහුණ දී ඇත. කෙසේ වුවද, මේ වන විට ඒ සියල්ල සම්පූර්ණ කර ගැනීම ගැන රජයේ අවධානය යොමුව පවතී. ශ්‍රී ලංකාව මුහුදෙන් වටවී තිබුණද, දේශීය යාත්‍රා සංස්කෘතියක් (domestic yacht culture) හෝ ලයිව්බෝඩ් කිමිදුම් කෲස් (liveaboard diving cruises) වැනි යාත්‍රා මත පදනම් වූ සංචාරක ක්‍රියාකාරකම් නොමැත. එසේම මුහුද හා වෙරළ ආශ්‍රිතව ආරම්බ කළ හැකි තවත් සංචාරක ආකර්ෂණ ක්‍රියාකාරකම් වෙනුවෙන් විශාල අවස්ථාවන් මෙරටට ඇත.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, යාත්‍රාවල විවේක කටයුතු(leisure activities on yachts) ඇතුළු සමුද්‍ර සංචාරක (marine tourism) ව්‍යාපාරයට ඇති බාධක ඉවත් කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටින බව කළමනාකාර අධ්‍යක්ෂ නලින් පෙරේරා මහතා පසුගියදා පැවසීය.

නිල දත්ත පෙන්වා දෙන්නේ, 2023 වසරේ රටේ සංචාරක ආදායම පෙර වසරේ ඩොලර් බිලියන 1.1 සිට ඩොලර් බිලියන 2.1 දක්වා සියයට 80 කින් ඉහළ ගොස් ඇති බවයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan