පාරිසරික ගැටලු මධ්‍යයේ ලොව විශාලතම සංචාරක නෞකාව ‘Icon of the Seas’ සිය සමාරම්භක ගමන අරඹයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Royal Caribbean සමූහයට අයත් ලොව විශාලතම නෞකාව වන Icon of the Seas, ෆ්ලොරිඩාවේ මියාමි සිට සිය මංගල ගමන ආරම්භ කරයි.

තට්ටු 20 කින් සහ මගීන් 7,600 දක්වා ධාරිතාවයකින් යුත් මීටර් 365 (අඩි 1,197) ක් විහිදෙන මෙම යාත්‍රාව බලගන්වන්නේ ද්‍රව ස්වභාවික වායු (LNG) මගිනි.

නමුත් මේ වනවිට, LNG බලයෙන් ක්‍රියාත්මක වන මෙම නෞකාවෙන් විභව මීතේන් විමෝචනය පිළිබඳ කනස්සල්ලක් මතු වී තිබේ. මෙවැනි තත්ත්වයක් පරිසරයට තර්ජනයක් වන බව පරිසරවේදීහු අනතුරු අඟවති.

පිරිසිදු ප්‍රවාහනය පිළිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ (ICCT) සමුද්‍ර වැඩසටහනේ අධ්‍යක්ෂ බ්‍රයන් කොමර්, ඊට විරෝධය පළ කරමින් “එය වැරදි දිශාවකට ගත් පියවරක්” බව ප්‍රකාශ කළේය.

කොමර් ට අනුව, LNG සමුද්‍ර ඉන්ධනයක් ලෙස භාවිතා කිරීම සාම්ප්‍රදායික සමුද්‍ර වායු තෙල් වලට වඩා සියයට 120කට වඩා වැඩි ජීවන චක්‍ර හරිතාගාර වායු විමෝචනයකට හේතු විය හැක.

LNG ඉන්ධන සහිත නැව්වලින් මීතේන් විමෝචනය වත්මන් උපකල්පන ඉක්මවා යන බව ඉස්මතු කරමින් ICCT හි මෑත වාර්තාවකින් සනාථ කෙරිණි. LNG සමුද්‍ර ඉන්ධන සඳහා පිරිසිදු විකල්පයක් ලෙස සලකනු ලැබුවද, කාන්දු වීමේ අවදානම පවතී.

ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් වසර 20ක කාලයක් තුළ කාබන්ඩයොක්සයිඩ් වලට වඩා 80 ගුණයක තාපයක් හසුකර ගන්නා අතර, දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීමේ ගෝලීය ප්‍රයත්නයේ දී එවැනි විමෝචන අවම කිරීම ඉතා වැදගත් වේ.

ඊට ප්‍රතිචාර වශයෙන්, Royal Caribbean හි ප්‍රකාශකයෙකු අවධාරණය කළේ, Icon of the Seas ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් නියම කර ඇති බලශක්ති කාර්යක්ෂමතා ප්‍රමිතීන් සියයට 24 කින් ඉක්මවා යන බවයි.

2035 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන නෞකාවක් හඳුන්වා දීමට සමාගම සැලසුම් කර ඇත.

බ්‍රහස්පතින්දා නැව නම් කිරීමේ උත්සවයේදී ආර්ජන්ටිනාවේ ලෝක කුසලාන ජයග්‍රාහී නායකයා වන ලයනල් මෙසී ද සහභාගී විය.

ඩොලර් බිලියන 2ක (පවුම් බිලියන 1.6ක) ඉදිකිරීම් පිරිවැයක් සහිත Icon of the Seas, පිහිනුම් තටාක හතක්, ජල බෑවුම් හයක් සහ ආපනශාලා, බාර් සහ විවේකාගාර 40කට අධික ප්‍රමාණයක් ඇතුළු පහසුකම් රාශියකින් සමන්විත වන්නකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...