ගෙවී ගිය පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 803 ක් අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): යුක්තිය මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක අතර ගෙවී ගිය පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 803 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 803 දෙනා අතුරින් අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 241 දෙනෙකු ද සිටින බවයි පොලිසිය පවසන්නේ.

හෙරෝයින් ග්‍රෑම් 212ක් , අයිස් ග්‍රෑම් 101ක්,ගංජා කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 825ක් ඇතුලු තවත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම අත්අඩංගුවට ගත් සැකකරුවන් අතුරින් පස් දෙනෙකු රඳවා තබාගෙන විමර්ෂණ කිරීමට රැඳවුම් නියෝග ලබාදී තිබෙන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලර් නොට්ටු 20 ක් නැහැ එක විස්සෙ නෝට්ටුවයි – අතිරේක විනිසුරුගේ නිවස බිදීම ගැන පොලීසිය කියයි

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: කළුතර අතිරේක දිසා විනිසුරුවරියගේ...

ගාමිණි ලොකුගේගේ තැනට පිං පොං එයි !

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට...

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...