බ්‍රිතාන්‍යයට සම්බන්ධ මාර්ලින් ලුආන්ඩා නෞකාව ගිනිබත් කෙරේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි Oceonix Services Ltd සමාගමට අයත් මාර්ලින් ලුආන්ඩා නෞකාවට හවුතිවරුන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හෙතුවෙන් ඒඩන් බොක්කේ දී ගිණිබත් වී ඇති බව වාර්තා වේ.

යේමනය පදනම් කරගත් ඉරාන පිටුබලය ලත් හවුතිවරුන්ගෙන් යුත් ව්‍යාපාරය කියා සිටියේඇමරිකානු-බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් සිකුරාදා මාර්ලින් ලුආන්ඩා ඉලක්ක කළ බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධයෙන් අනතුරුව හූතිවරු රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සාගරීය වාණිජ ජාලය අවුල් වියවුලක් බවට පත් කරන ලදි. ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කළ අතර ප්‍රංශ, ඉන්දියානු සහ එක්සත් ජනපද නාවික නෞකා යාත්‍රාවට ආධාර සැපයීය.

මාර්ලින් ලුආන්ඩා නෞකාවට එල්ල කරන ලද ප්‍රහරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් Grant Shapps සදහන් කර තිබුණේ, මෙය ඉවසිය නොහැකි සහ නීතිවිරෝධී ප්‍රහාරයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වටගලගෙන් බිලියන 10ක වන්දි වශයෙන් ඉල්ලා එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ LNW : නීතඥ සුනිල් වටගල...

රාජකීයත්වයේ උරුමය සමඟින් III වන චාල්ස් රජු සිය 77 වන ජන්ම දිනය සමරයි!

සටහන – පුලී නොවැම්බර් 14, කොළඹ (LNW): අද (නොවැම්බර් 14)...

24 වැනිදා සිට කාඩ් එකෙන් බස් ගාස්තු ගෙවන්නත් අවස්ථාව!

කොළඹ LNW:ඩිජිටල්කරණ ව්‍යපෘතියට සමගාමීව ළැඹෙන 24 වැනිදා සිට ඕනෑම...