බ්‍රිතාන්‍යයට සම්බන්ධ මාර්ලින් ලුආන්ඩා නෞකාව ගිනිබත් කෙරේ

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි Oceonix Services Ltd සමාගමට අයත් මාර්ලින් ලුආන්ඩා නෞකාවට හවුතිවරුන් විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක් හෙතුවෙන් ඒඩන් බොක්කේ දී ගිණිබත් වී ඇති බව වාර්තා වේ.

යේමනය පදනම් කරගත් ඉරාන පිටුබලය ලත් හවුතිවරුන්ගෙන් යුත් ව්‍යාපාරය කියා සිටියේඇමරිකානු-බ්‍රිතාන්‍ය ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් සිකුරාදා මාර්ලින් ලුආන්ඩා ඉලක්ක කළ බවයි.

ඊශ්‍රායල – පලස්තීන යුද්ධයෙන් අනතුරුව හූතිවරු රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරමින් සාගරීය වාණිජ ජාලය අවුල් වියවුලක් බවට පත් කරන ලදි. ඊට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය හූති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කළ අතර ප්‍රංශ, ඉන්දියානු සහ එක්සත් ජනපද නාවික නෞකා යාත්‍රාවට ආධාර සැපයීය.

මාර්ලින් ලුආන්ඩා නෞකාවට එල්ල කරන ලද ප්‍රහරය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ආරක්ෂක ලේකම් Grant Shapps සදහන් කර තිබුණේ, මෙය ඉවසිය නොහැකි සහ නීතිවිරෝධී ප්‍රහාරයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...