මුහුදු කොල්ලකරුවන්ට හසු වූ බහුදින ධීවර යාත්‍රාව සෙවීමේ මෙහෙයුම්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් පැහැරගෙන ගිය ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස රටවල් 39කින් සැදුම්ලත් බහරේනයේ පිහිටි ඒකාබද්ධ සමුද්‍රීය බලකායට දැනුම් දී ඇති බව නාවික හමුදාව පවසයි.

පසුගිය 12 වනදා, ලොරෙන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව හලාවත දික්ඕවිට ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති, එහි සිටි ධීවරයින් 6 දෙනෙක් සමග එම යාත්‍රාව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇත.

මෙරට මුහුදු සීමාවේ සිට නාවිකා සැතපුම් 1160 ක දුරින් වු මුහුදු ප්‍රදේශයේ දී එම පැහැර ගැනීම සිදු වු බවටයි වාර්තා වන අතර, පැහැර ගැනීමට ලක්වු ධීවරයින් බේරා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව බලධාරීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපුර රෝහලෙන් CID යට පැමිණිල්ලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : තම කීර්ති...

අත්‍යාවශ්‍ය ඖෂධ සහ අනෙකුත් වෛද්‍ය සැපයීම් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ LNW : රාජ්‍ය ඖෂධ නිෂ්පාදන...

ආපදාවට පත් දරුවන්ට පාසල් උපකරණ වෙනුවෙන් දෙන දීමනාව ජනවාරි 05ට පෙර!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට පත් පාසල්...

වතුකරයේ පාසල් ගුරුවරුන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30 , කොළඹ LNW : වතු ආශ්‍රිතව...