*
Thursday, October 24, 2024
spot_img

Latest Posts

ආර්ථික හා සමාජ නිර්මිතය කෙරෙහි රාජ්‍ය ප්‍රතිපත්තිවල බලපෑම යටතේ පෙර නොවූ විරූ අර්බුද ශ්‍රී ලංකාව ගිලගනී

ආර්ථීක අභියෝග සහ සමාජයීය ගැටලු ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් රජයේ ප්‍රතිපත්ති විසින් ජනයා අතර පුළුල් ලෙස පැතිර පවතින දුක් පීඩාවන්ට මඟ පාදා ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ අන්දමේ අර්බුදවලට මුහුණ දී සිටිති. තත්වය භයානක වන අතර එදිනෙදා ජීවිතයේ විවිධ අංශ කෙරෙහි – ආහාර සුරක්ෂිතතාවයේ සිට මානව හිමිකම් සහ නිදහස දක්වා – එම තත්වය බලපා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කරන ලද කොන්දේසිවලට අනුකූලව ආර්ථික අභියෝගවලට මුහුණ දීමේ දී ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය ජනතාවගේ දුෂ්කරතා සමනය කරනවාට වඩා මානව හිමිකම් කඩ කිරීමත් ඔවුන්ගේ දුක් වේදනාවන් උග්‍ර කර ලීමත් සම්බන්ධයෙන් දැඩි විමර්ශනයකට ලක්ව ඇත.

හදිසි ආධාර අවශ්‍ය කරවමින් ජනගහනයෙන් සියයට 17කට වඩා වැඩි පිරිසක් කිසියම් ආකාරයේ ආහාර අනාරක්ෂිත භාවයකට ලක්ව තිබෙනබව හද කකියවන හෙළිදරව්වක් වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකට අනුව වයස අවුරුදු 5 ට අඩු දරුවන් අතරින් බිය දනවන සියයට 31 ක් මන්දපෝෂණයෙන් පෙළෙති. මෙය අර්බුදයේ බරපතලකම ඉස්මතු කර පෙන්වයි.

දූෂණය, නාස්තිය සහ අවකළමනාකරණයට අදාළව දිගටම පවතින ගැටලු හා සමඟ ගත් විට, එකතු කළ අගය මත පනවන (VAT – වැට්) බද්ද දෙගුණ කිරීම හේතුවෙන් පුරවැසියන් මත පටවා තිබෙන ආර්ථික බර තව දුරටත් අධික වී ඇත. ආහාර, පොත් වැනි මූලික අවශ්‍යතා සඳහා පවා සියයට 18 වැට් බද්දක් පනවා ඇත. සමාජ ආරක්ෂණ පියවර ප්‍රමාණවත් නොවනවා පමණක් නොව , අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් දැඩි දුෂ්කරතාවයන්ට පත් කරවමින් ඒ පියවර දේශපාලනීකරණය කරනු ලැබ ඇත. එමෙන්ම අසමානතාවය උග්‍ර කරවා ලමින් අඩු ආදායම් සහිත පුද්ගලයන් මත සමානුපාතික නොවන ලෙසින් ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේ බර පැටවේ.

වැඩෙන ප්‍රශ්න ගොඩට අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඇසුරු කිරීමේ නිදහස සීමා කිරීම ඉලක්ක කරගත් නව මර්දනකාරී පියවර පිළිබ ද ප්‍රශ්නද එකතු වේ. යෝජිත ත්‍රස්ත විරෝධී නීතිය හේතුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ඛාදනයට ලක් කිරීමේ බිය මතු කරමින්, විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා බලධාරීන්ට පුළුල් බලතල ලබා දීමේ තර්ජනය මතු කර ඇත. සමාජ බෙදීම් ගැඹුරුබවට පත් කරවමින් බහුතර නොවන ප්‍රජාවන් සමාජයීයව බැහැර කිරීමේ සහ වෙනස්කම්වල‌ට ලක් කීරීමේ ප්‍රතිපත්ති දිගටම පවතී.

ඒ ඇරත්, නව මාර්ගගත ආරක්ෂණ පනත යටතේ පිහිටුවා ලනු ලබන මාර්ගගත ආරක්ෂණ කොමිෂන් සභාව සමාජ මාධ්‍ය පාලනය කිරීම සහ ඒ මත අධි වාරණය පැනවීම සඳහා සකස් කොට ඇති අතර, ඒ අනුව,  අධිකරණමය අධීක්ෂණයෙන් තොරව පැය 24ක් ඇතුළත අන්තර්ගතය ඉවත් කරන ලෙස බල කර සිටිය හැකිය. දූෂිත හා වංක දේශපාලනඥයන් හෙළිදරව් කිරීම සඳහා මාර්ගගත උපහාසාත්මක විහිළු තවදුරටත් භාවිතා කළ නොහැකි වනු හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමන්නට විධායක බලතල යොදා ගන්නා සහ සියලු දෙනාගේ අදහස් විමසීමකින් තොරව බලයෙන් පටවන මෙම ක්‍රියාමාර්ග අපි තරයේ හෙළා දකින්නෙමු.

ශ්‍රී ලංකාවේ විවිධ සිවිල් සමාජ කණ්ඩායම්, ඩයස්පෝරා ප්‍රජාව සහ සමාන අදහස් ඇති ජාත්‍යන්තර සංවිධාන වෙතින් අපි උදක්ම ඉල්ලා සිටින්නේ,  දිග හැරෙන මෙම අර්බුදයන් හමුවේ පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු කරන ලෙසත්, මෙම අභියෝගාත්මක කාලවකවානුවල සමස්ත පීඩාකාරිත්වයට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ය. දැවෙන ගැටළු ආමන්ත්‍රනය කරන්නට සහ ආණ්ඩුව තම පුරවැසියන්ගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන සාධාරණ ප්‍රතිපත්ති අනුගමනය කරන බව සහතික කරන්නට මානවවාදී අනුග්‍රහයත්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයනුත් අත්‍යවශ්‍ය වේ.

අත්සන් කළේ:
ආචාර්ය ලයනල් බෝපගේ
සභාපති, ශ්‍රී ලංකාවේ යහපාලනය සඳහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගීතාව
ඔස්ට්‍රේලියාව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan