සමාජ මාධ්‍ය නියාමනයක් තිබිය යුතුයි – පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 28 කොළඹ (LNW): රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද ස්වාමින් වහන්සේ පවසන්නේ, සමාජ මාධ්‍ය නියාමනයක් තිබිය යුතු බවයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ, ගාල්ල අක්මීමන පංචථූපාරාම විහාරස්ථානයේ පැවති උත්සවයක දීය.

පූජ්‍ය අක්මීමන පියරතන ස්වාමින් වහන්සේ වෙත සද්ධර්ම කිර්ති ශ්‍රී ධම්මදින්න අත්තදස්සි යන ගෞරව නාමය සහිතව ගාලු මාතර දෙපළාතේ ප්‍රධාන සංඝානයක පදවිය පිරිනැමීම වෙනුවෙන් උන්වහන්සේ පිළිගැනීමේ උත්සවයක් ලබුදූවේ දී පැවැත්වුණි.

මෙහිදි උන්වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැනීම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අතින් සිදුකෙරුණු අතර විජිනි පත පිළිගැන්වුයේ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතායි.

මීට සමගාමිව අක්මීමන තොටගොඩ පංචථූපාරාමයේ ඉදිකළ ධාතු මන්දිය, ධර්ම ශාලාව සහිත සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම ද නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතින් සිදුවිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...