උතුරු කොරියාවේ නැවතත් කෲස් මිසයිල සන්දර්ශන

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු කොරියාව හෙවත් න්‍යෂ්ටික සන්නද්ධ කොමියුනිස්ට් රාජ්‍යය විසින් සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව නිවේදන කර තිබේ.

එය තහවුරු කරමින් දකුණු කොරියාවේ Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ, උතුරු කොරියාව විසින් Pulhwasal-3-31 නම් නව උපායමාර්ගික කෲස් මිසයිලයක් සින්පෝ වරාය ආසන්නයේ අත්හදා බැලූ බවයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෑත මාසවලදී සාමය පවත්වා ගැනීම සහ මිලිටරි ක්‍රියාමාර්ග වේගවත් කිරීම අරමුණු කරගත් ගිවිසුම් කිහිපයක් අත්සන් කළ අතර Pyongyang ජනවාරි මස ආරම්භයේ සිට නව ඝන ඉන්ධන මිසයිලයක් සහ න්‍යෂ්ටික අවියක් රැගෙන යා හැකි දිය යට ප්‍රහාරක ඩ්‍රෝන යානා අත්හදා බැලීම් කිහිපයක් සිදු කරන ලදි.

උතුරු කොරියාව විසින් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ මිසයිල දියත් කිරමින් එක්සත් ජාතීන්ගේ සම්බාධක අමු අමුවේ උල්ලංඝණය කරමින් ආයුධ සංවර්ධනය කිරීම් සිදු කරන අතර දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් මේ මාසයේ ඔහුගේ කැබිනට් මණ්ඩලයට පැවසුවේ, උතුර ප්‍රකෝප කිරීමක් සිදු කළහොත්, දකුණු කොරියානු හමුදාව ඉතා ශක්තිමත්ව ප්‍රතිප්‍රහාර දෙනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...