“දියව්, දියව්, අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව් !” ඒ සටන් පාඨයට ඉඩදෙන්න බෑ – නියෝජ්‍ය ඇමති නාමල්

ලබන කන්නයේදීත් පොහොර සහනාධාරය ලබාදිය හැකිවන්නේ මුදල් වශයෙන්ම බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඊට හේතුවී ඇති බවත් කෘෂිකර්ම හා පශූ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.

“දැන් අපි වගාකරන්න පොළඹවලා, පොළඹවලා වැඩේ යනකොට ඊළඟට මොකක්ද කරන්නෙ ? අස්වනු නෙළන කාලය වෙනකොට “දියව් දියව් අපෙ අස්වැන්නට සාධාරණ මිලක් දියව්” සටන් පාඨය එනවා. ඒ සටන් පාඨයට ඉඩදෙන්න බෑ. දැන් ලබන කන්නයටත් පොහොර සඳහා සල්ලිම තමයි දෙන්න වෙන්නෙ. IMF එකේ තියෙන කොන්දේසි අනං මනං ඒවාත් එක්ක ඒ තීන්දුවටම තමයි යන්න සිද්ධ වෙලා තිබෙන්නෙ. ඉතින් ඒ නිසා දැන් තියාම බුදු අප්පච්චියේ මේකට සූදානම් වෙන්න”

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ 2025 යල කන්නයේ කෘෂිකර්ම වැඩපිළිවෙල දියත් කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...