*
Thursday, January 30, 2025
spot_img

Latest Posts

බිලියන් ඩොලර් ටෝක්ස් කෙළවර වෙන්නේ ඩොලර් 400න්ද ?

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව නඩු තුනක් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ බව නිවේදනය කරලා තිබුණා.

ඒ,

සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් වෙසක් සුබපැතුම් පත් 3,000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියට සිදුකිරීම,

සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම,

සිවිල් ගුවන් සේවා අධිකාරිය මඟින් රු. 494,000ක මුදලක හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම,

කියන චෝදනා තුන යටතේ.

දූෂණ වංචා හෙළිදරව් කිරීම සහ ඒවාට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවා ඔවුන්ට දඬුවම් විඳීමට සැලැස්වීම හොඳ දෙයක්. ඒකේ විවාදයක් නෑ.

මේ රජය බලයට ඒමේදී පාවිච්චි කරපු ප්‍රධාන සටන් පාඨයක් වුණෙත් හොරු ඇල්ලීම. මේ රට බංකොලොත් වෙන්න හේතුවුණු දේශපාලකයින්ගේ මහා පරිමාණ වංචා දූෂණවලට ඔවුන්ට දඬුවම් ලබාදීම වගේම එහෙම හොරකම් කරලා පිටරටවල සඟවපු ඩොලර් බිලියන ගණනක මුදල් ආපසු ලංකාවට රැගෙනවිත් ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් යොදවනවා කියලා තමයි වර්තමාන ආණ්ඩුවේ නායකයින් ඒ දවස්වල පොරොන්දු වුණේ.

ගුවන් යානයක් පුරවලා උගන්ඩාවට යවපු මුදල් නෝට්ටු ගැන තමයි ඒ දවස්වල මැතිවරණ ප්‍රචාරණ වේදිකාවල කතාවුණේ. අපේ රටේ සල්ලි උගන්ඩාවෙ තියෙනවා, ඒ සල්ලි අපට ගන්න ඕනෙ නැද්ද කියලා තමයි ඒගොල්ලෝ පාක්ෂිකයින්ගෙන් ඇහුවේ. ඩුබායි ගිණුම්වල තියෙනවා කියපු ඩොලර් බිලියන ගණන් ගැන, පැනමා පේපර්ස් ගැන එහෙම තමයි කිව්වේ. ඩොලර් බිලියනයක් කියන්නේ රුපියල් වලින් ගත්තොත් ආසන්න වශයෙන් මිලියන 300,000ක්. රුපියල් කෝටි තිස්දාහක්. ඒවගේ ඒවා 10ක් 15ක් මේ දේශපාලනඥයින් හොරකම් කරලා තියෙනවා, ඒවා ආපහු රජයට පවරා ගන්නවා, ඒවා හංගලා තියෙන තැන් පවා හොයාගෙන තියෙන්නෙ කියලා තමයි මිනිස්සුන්ට අවධාරණය කළේ.

හැබැයි පටන් ගැන්මක් හැටියට දාලා තියෙන උඩින් කියපු නඩු තුන බලපුවාම ඒ නඩු තුනේම එකතුවත් රුපියල් මිලියනයක්වත් නැහැ. ඔය වෙසක් කාඩ් නඩුව ඩොලර්වලින් බැලුවොත් ඩොලර් 400 කට පොඩ්ඩක් වැඩි ගාණක් වෙන්නෙ.

අනිත් අතට ඔය වගේ වෙසක් කාඩ් අච්චු ගහපුවා ඇතුළු වියදම් ගත්තොත් මෙතෙක් හිටපු හැම ඇමතිවරයෙකුටම වුණත් නඩු දාන්න සිද්ධි තියේවි. මොනවා හරි උත්සවයක් සංවිධානය කළත් ලක්ෂ කීපයක් යනවාමනෙ. දැන් ඉන්න ඇමතිවරුන්ටත් මේ කියන හැටියට නම් කිසිම වියදමක් කරන්න වෙන්නෙ නැහැ ලේසියකින්. ඒ වගේම එයාලාගෙ ආණ්ඩුව පෙරළුණු දවසක එයාලාටත් වෙසක් කාඩ් නඩු වැටෙන්නත් හොඳටම ඉඩ තියෙනවා මේ යන හැටියට.

ඇත්තටම මිනිස්සු බලාපොරොත්තු වුණේ මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ඩොලර් කෝටි ගණන් කොමිස් ගහපු හැටි, මහා පරිමාණ මිලදී ගැනීම්වලදී රුපියල් බිලියන ගණන් කොමිස් ගහපු හැටි, ඒ කොමිස් ගැහිලිවලට සම්බන්ධ වුණු හිටපු නිලධාරීන් සහ තවමත් ඉන්න නිලධාරීන් ඔක්කොම එළිකරලා ඔවුන්ගෙ අයථා වත්කම් රජයට පවරාගෙන හංගපු සල්ලිත් හොයාගෙන ඒවා ජනතාවට සහන දෙන්න යොදවයි කියලා.

හැබැයි ඒ කියපු බිලියන් ඩොලර් කතා වෙනුවට අන්තිමේ ඩොලර් 400 නඩුද දාලා පෙන්වන්නේ කියන ප්‍රශ්නය දැන් දැන් මිනිස්සුන්ට මතුවෙමින් තියෙනවා ….

~ රජිත විරාජ්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan