කැරම් කපා ඔප දමන වැඩක් නිදහස් දවසේ රත්නපුරේදී

Date:

සටහන – නිෂ්මං රණසිංහ 
ජනවාරි 29, කොළඹ (LNW):
රත්නපුර FIOA මූලිකත්වය ගෙන නැඟී එන කැරමි පරම්පරාව ඔප මට්ටම් කිරීමට මෙන්ම,ජාතික මට්ටමේ දි වැඩි අවස්ථාවක් තරග වැදීම සඳහා නොලැබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලබා දීම පිණිස ද අපූරු කැරම් තරගාවලියක් ජාතික මට්ටමට විවෘත කර තිබෙනවා.

අවුරුදු 15 න් පහළ බාලක බාලිකා යුගල ලෙස සහ ශ්‍රේණිගත නොවුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිරිමි සහ කාන්තා යුගල ලෙස මෙම තරගාවලිය නම් කර තිබෙනවා.
නිදහස් දිනය යෙදෙන පෙබරවාරි 4 වන දා රත්නපුර නව නගරයේ පිහිටි සමෘද්ධි ශාලාවේ පැවත්වීමට සංවිධානය කර ඇති මෙම තරගාවලිය රත්නපුරට අදාළ සංස්කෘතිය ඇසුරෙන් ගත් විට මැණික් ඔප දමන වැඩක් ලෙස ගත හැකියි.අප්‍රේල් 4 වන දින දවස පුරා පැවත්වීමට කටයුතු කර තිබෙන මෙම තරගාවලියට පෙබරවාරි 3 වන දා රත්නපුරයට පැමිණිමට බලාපොරොත්තු වන අයට අන්තර්ජාලිය හරහා විමසීමක් කර රත්නපුර නව නගරය අවටින් නවාතැන් සොයා ගැනීමට පහසුකම් ඇති අතර විනාඩි 15 ට නොවැඩි දුරකින් පිහිටි රත්නපුර නගරය ආසන්නයෙන් නවාතැන් ගැනීම සඳහා පහසුකම් සකසා ගැනීමේ ඉඩකඩ ද ඇත.

FIOA යනු රත්නපුර පුදේශයේ මූල්‍ය සහ රක්ෂණ කටයුතු වෘත්තීය කර ගත් නිලධාරීන්ගේ එකමුතුවක් වන අතර එය ද එවැනි වෘත්තීන්වල නියැලෙන නිලධාරීන්ට සිය ආයතන රාමුවෙන් පිටට විත්,එම කේෂ්ත්‍රෙය් නිරත පිරිස ලෙස එක්ව සමාජීය මට්ටමෙන් හෝ ක්‍රීඩාව මට්ටමෙන් වැඩ කටයුතු වලට මැදිහත් වීම සඳහා වන අදහසක් වේනම් එම අදහස ඔප කරන ක්‍රියාවලියක් ලෙස ගත හැකිය.
මෙහි තොරතුරු ලබා ගැනීමට අවශ්‍යය අයෙකුට විහඟ ශමාල් අතපත්තුව 0710689790 හරහා සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව ඇත.එසේම Sri Lankan Carrom ෆෙස්බුක් පිටුව හරහා ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අවශ්‍යය සබඳතාවය ද පහත සඳහන් කර ඇත.
https://bit.ly/3CFxu2W

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...