නව ආනයනික වාහන මිල කෙසේ වෙනස් වෙයිද?

Date:

කොළඹ LNW:ආනයනික වාහනවල මිල ගණන් නියම කිරීමට පෙර බදු ඇතුළත් චක්‍ර ලේඛය නිකුත විය යුතු බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසයි.

ආර්ථික කඩා වැටීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබුණු වාහන ආනයනය මේ වන විට යළි විවෘත වෙමින් තිබෙන පසුබිමක නව ආනයනික වාහන මිල ගණන් කෙරෙහි සමාජයේ දැඩි සැලකිල්ලක් යොමුව තිබේ.

කෙසේවෙතත් වාහන ආනයනය සම්බන්ධ නිවැරදි බදු සැලැස්ම තවම එළිදක්වා නොමැති අතර අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කරනු ඇති බවට වාහන ආනයනකරුවන්ගේ සංගමය අපේක්ෂාවෙන් පසුවෙයි,

වාහන නැවත ගෙන්වීම ආර්ථිකයට හොඳ තල්ලුවක් බවත්, මුදල් සංසරණය වැඩිවීමත්, බදු ලෙස රාජ්‍ය ආදායම වැඩිවීමත් යහපත් බවත්, වාහන ආශ්‍රිත රැකියාවල යෙදී සිටින සියළුම දෙනාට එය යහපත් වන බවත් ඔවුන් සඳහන් කරයි.

මෙලෙස ආනයනය කෙරෙන ඇතැම් වාහන කාණ්ඩ මිල අඩුවීමටත්, සමහර වාහන කාණ්ඩ මිල වැඩිවීමටත් ප්‍රවනතාවයක් ඇති බව ද සඳහන්.

ඒ අනුව ඩබල් කැබ් රථ මිල අඩුවීමක් සිදුවිය හැකි අතර ආසන 15 වෑන් වැනි වාහන මිල වැඩිවීමක් සිදුවිය හැකි බවයි මානගේ මහතා පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩාවට ජයග්‍රහණ බර වැඩි කරන දුර

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: ඇමෙරිකාවේ ෆ්ලෝරිඩාවේ තලහසී නගරය...

LPL 2026 ක්‍රීඩක කෙටුම්පත් කිරිම මාර්තු 26 දා

නිශ්මං රණසිංහ ජනවාරි 14, කොළඹ LNW: එල්පීඑල් තරගාවලියේ හයවැන්න 2026...

රනිල් එක්ක ටිල්විනුත් ඇතුළට ?

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජාතික...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...