තවත් නඩුවක නීතිපති උපදෙස් සඳහා දින දෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ (LNW):

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබාදුන් වාහන අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(29) යළි කැඳවනු ලැබූ අතර, එහිදී එම නඩුව නීතිපති උපදෙස් සඳහා ජුනි මස 25 වනදා යළි කැඳවන ලෙස අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුලු පිරිසකට එරෙහිව එම නඩුව ගොණු කර තිබුණි.

මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් සඳහා යොමුකර ඇති බව , එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටි බව පැවසේ. මෙහි සෙසු සැකකරුවන් වන්නේ, මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංශ , සේනාරත්න ද සිල්වා සහ ජයන්ත සමරවීර යන අයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...