ඉන්දියාවේ කුම්භමේලාවේ තෙරපීම නිසා විශාල පිරිසක් මියගිහින්!ප්‍රධාන රෝහලට ඇතුල්වීම මාධ්‍යයටත් තහනම්!

Date:

කොළඹ LNW:උතුරු ඉන්දියාවේ කුම්භමේලා උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් බැතිමතුන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සිදුව පැය 12කට අධික කාලයක් ගතවඇතත් නිවැරදි දත්ත නිකුත් කිරීමක් සිදුව නොමැති බවටයි ඊට මුහුණ දුන් පිරිස් චෝදනා කර ඇත්තේ.

ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ අවම 12දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් එම තෙරපීම නිසා මිය ගොස් ඇති ගණන ඊට වැඩි අගයක් විය යුතු බවටද සැක පළකර තිබේ.

කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද දැක්වෙයි.

බොහෝදෙනා අතරමං වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කුම්බමෙලාවේ ප්‍රධාන රෝහලට ඇතුළුවීම වළක්වා තිබෙන අතර මාධ්‍යයටද එම පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාවක් නොමැති බවයි BBC ලෝක සේවය වාර්තා කර ඇත්තේ.

ලොව විශාලතම ආගමික උත්සවයන් අතරින් කුම්භමේලා උත්සවය ප්‍රධාන එකක් වන අතර ශුද්ධ ගංගාවල දිය නෑම සඳහා මිලියන 250කට ආසන්න පිරිසක් එක්ව ඇති බවද දැක්වෙයි. .

පවතින අනතුරුදායක තත්ත්වය මත එම චාරිත්‍රය සංවිධායකයින් විසින් අත්හිටුවා තිබියදීත් දස දහස් ගණනක් බැතිමතුන් තවමත් ශුද්ධ ජලය ස්නානය කිරීමට උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ආගමික උත්සවය සෑම වසරකම පාහේ පැවැත්වෙන අතර මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයන් සෑම වසරකම පාහේ වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...