ඉන්දියාවේ කුම්භමේලාවේ තෙරපීම නිසා විශාල පිරිසක් මියගිහින්!ප්‍රධාන රෝහලට ඇතුල්වීම මාධ්‍යයටත් තහනම්!

Date:

කොළඹ LNW:උතුරු ඉන්දියාවේ කුම්භමේලා උත්සවයකදී ඇතිවූ තෙරපීමකින් බැතිමතුන් විශාල පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිද්ධිය සිදුව පැය 12කට අධික කාලයක් ගතවඇතත් නිවැරදි දත්ත නිකුත් කිරීමක් සිදුව නොමැති බවටයි ඊට මුහුණ දුන් පිරිස් චෝදනා කර ඇත්තේ.

ඇසින් දුටුවන් ප්‍රකාශ කර ඇත්තේ අවම 12දෙනෙකු පමණ මිය ගොස් ඇති බවයි.

කෙසේවෙතත් එම තෙරපීම නිසා මිය ගොස් ඇති ගණන ඊට වැඩි අගයක් විය යුතු බවටද සැක පළකර තිබේ.

කිහිප දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද දැක්වෙයි.

බොහෝදෙනා අතරමං වී සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කුම්බමෙලාවේ ප්‍රධාන රෝහලට ඇතුළුවීම වළක්වා තිබෙන අතර මාධ්‍යයටද එම පරිශ්‍රයට ඇතුළුවීමට අවස්ථාවක් නොමැති බවයි BBC ලෝක සේවය වාර්තා කර ඇත්තේ.

ලොව විශාලතම ආගමික උත්සවයන් අතරින් කුම්භමේලා උත්සවය ප්‍රධාන එකක් වන අතර ශුද්ධ ගංගාවල දිය නෑම සඳහා මිලියන 250කට ආසන්න පිරිසක් එක්ව ඇති බවද දැක්වෙයි. .

පවතින අනතුරුදායක තත්ත්වය මත එම චාරිත්‍රය සංවිධායකයින් විසින් අත්හිටුවා තිබියදීත් දස දහස් ගණනක් බැතිමතුන් තවමත් ශුද්ධ ජලය ස්නානය කිරීමට උත්සාහ කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ආගමික උත්සවය සෑම වසරකම පාහේ පැවැත්වෙන අතර මෙවැනි ඉතා අවාසනාවන්ත තත්ත්වයන් සෑම වසරකම පාහේ වාර්තා වෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 මාර්තු කලාපය කවද අහවර වේද සිහිතල...

ඉරානයේ උත්තරීතර නායකයා සමඟ යුගය මිය ගියා ද ?

සටහන:සශිකලා මධුෂාණිමාර්තු 01 ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසු...

ඉරාන ප්‍රහාර සහ ශ්‍රී ලංකා ආර්ථිකය…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවත්...

කමේනිගේ මරණය සමඟ සතුට, භය සහ බලාපොරොත්තුව අතර ඉරානය බෙදී යයි ද? කාන්තාධිපත්‍යය ද හිස ඔසවන හැඩක්!

සටහන – පුලී මාර්තු 01, LNW (කොළඹ): ඉරාන උත්තරීතර නායක අයතුල්ලා...