ඡන්ද හිමි නාමලේඛණය ඩිජිටල් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්

Date:

සටහන – නදීක දයා බණ්ඩාර

ජනවාරි 29, මහනුවර (LNW): ඡන්ද හිමි නාම ලේඛණය ඩිජිටල්ගත කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ආරම්භ කොට ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එම නාම ලේඛණ මුද්‍රිතව ලබා ගැනිම වෙනුවට ග්‍රාම නිලධාරී වසම් 14 000ක් ආවරණය වන පරිදි මෙම ඩිජිටල් ලේඛණය සකස් කරමින් පවතින බව ද ඒ මහතා තව දුරටත් පැවසුවේය.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද පැවැති වැඩටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. ඩිජිටල් ඡන්ද හිමි නාම ලේඛණය සකස් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීන් දැනුවත් කිරීම සහ ඊට දායකවූ ග්‍රාම නිලධාරීන් 42කු සඳහා ප්‍රසංශා සහතික ලබා දීම නිමිත්තෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
කඩදාසි පත්‍රිකා මත දත්ත සටහන් කිරීම වෙනුවට මාර්ගගත තාක්ෂණය යොදා ගනිමින් ඩිජිටල් නාම හිමි ලේඛණය සකස් කරන බවත් ඒ මහතා කීවේය.

ඉදිරි මැතිවරණයක් පැවැත්වෙන්නේ 2024 ඡන්ද හිමි නාම ලේඛණය පදනම් කර ගෙන වන නමුත් මෙම වර්ෂයේ ජනවාරි 01 වන දින වන විට අවුරුදු 18 සම්පූර්ණ වන තරුණ පිරිස ද නව ලේඛණයට ඇතුළත් වන බව ද ඒ මහතා පැවසුවේය.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී යොදා ගන්නේ කුමන නාම යෝජනාවක් ද යන්න අධිකරණ නියෝගය සහ පාර්ලිමේන්තු තීරණය අනුව දැනුම් දෙන බවත් ඒ තීරණය අනුව නව නාම යෝජනාවක් යොදා ගන්නේ ද යන්න තීරණය වනු ඇතැයි ද කීවේය.

එම තීන්දුව ලැබුණු පසු පළාත් පාලන මැතිවරණය උසස් පෙළ විභාග හේතුවෙන් මාර්තු මස පැවැත්වීම ගැටලුදායක වන බැවින් බොහෝ දුරට අප්‍රේල් මාසයේදි පැවැත්විය හැකි යැයි ද ඒ මහතා සඳහන් කළේය.
ඒ සඳහා නැතැක් බැලීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන් ඒ මහතා මැතිවරණ පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීම මැතිවරණ පනත් වගන්තිවල පැහැදිලිවම සඳහන් වන බව ද ප්‍රකාශ කළේය.
ඉකුත් මහ මැතිවරණයේදී වත්කම් බැරකම් ප්‍රකාශ සහ ආදායම් වියදම් ලබා නුදුන් අපේක්ෂකයන් සඳහා නඩු පැවරීම ආරම්භ කොට ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා තව දුරටත් සඳහන් කළේය.
මහනුවර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස් ආචාර්ය සම්පත් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට එක්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වර්ථමාන මීටර් 400 සහ සුගත්ගේ මිටර් 400

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ඉන්දියාවේ ඔඩිසා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වූ...

Tasty Tuesdays: කට්ට සම්බෝලෙත් එක්ක කටට රහට කන්න පුලුවන් කිරිබතෙහි වත-ගොත!

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

සොබාදහමේ රහ තැන් සොයාගිය මෝනි මෙහබූබ් ගේ, ඇස් අහකට ගන්න බැරි වනජීවී ඡායාරූප කිහිපයක්!

සටහන – පුලී අගෝස්තු 12, කොළඹ (LNW): දකිනවුන්ගේ ඇස් කකියන...