නායකයෝ හමුවෙන්න කලින් විසඳගන්න ප්‍රශ්න ගොඩක් තියෙනව.සමඟි/එජාප සාකච්ජා ගැන තිස්ස කතා කරයි!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සාකච්ජා සම්බන්ධයෙන් අද (29) සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිදුකරන ලදී.

මේ වන විට එම සාකච්ජා සුහද මට්ටමක පවතින බවත් තවත් විසඳා ගත යුතු කාරණා රැසක්ම පවතින බවත් ඔහු පැවසුවේය.

දෙපාර්ශවයේ නායකයින් හමුවීමට පෙර විසඳා ගත යුතු කාරණා පවතින හෙයින් නායකයින්ගේ හමුවට තවම නිශ්චිත දිනයක් නොමැති බවයි අත්තනායක මහතා කියාසිටියේ.

සමඟි ජන බලවේගයේ අරමුණ එක්සත් ජාතික පක්ෂය පමණක් නොව NPP විරෝධී සියලු බලවේග එකට එකතු කරගැනීම බව ද ඔහු ප්‍රකාශ කළේය.

”අපේ අරමුණ තමයි සියලු දෙනා එකට එකතු කරගත්ත දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම. ඒකේ කොයි කොයි ආකාරයෙන් ක්‍රියා කරනවද කියන එක ගැන අවසන් තීරණ ගොඩක් ගන්න තියෙනවා. මම විශ්වාස කරනවා සුභවාදීව අපට මේ සියල්ල අවසාන කරන්න පුළුවන් වෙයි කියල. සාකච්ජා කරන කරුණු ගැන නායකයින් දැනුවත් කරනවා. දෙපාර්ශවයේම නායකයින් දැනුවත් කරන්න අපේ එකඟතාවක් තියෙනවා. මොකද මේක ලේසි පහසු දෙයක් නෙවෙයි එකට වැඩ කරන්න යම් ව්‍යුහයක් සකස් කරනවා කියන එක. අපේ අරමුණ එක්සත් ජාතික පක්ෂය විතරක් නෙවෙයි NPP විරෝධී බලවේග එකට එකතු කරගන්න එක. ඒ සියල්ලට ගැලපෙන ව්‍යුහයක් අපි හදාගන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ.” යනුවෙන් අත්තනායක මහතා තවදුරටත්සඳහන් කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිලාන් ගේ ගොඩට කුසලුත් වැටෙයිද?

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

ශ්‍රී ලංකාවට ඉණිමක සහ ලකුණු 78 ක ජයක්ප්‍රභාත්ගෙන් ලකුණු 56 ට කඩුුලු 5 ක්

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

CAVA 19 පහළ කාන්තා තරගාවලියට සහ ජාතික වෙරළ වොලිබෝල කණ්ඩායම්වලට දක්ෂයන් තෝරයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ...

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...