වරක් රැල්ලට හසුවී රට බංකොලොත් වුණා. නැවතත් මිරිඟුවකට හසුවෙන්න එපා – සජිත් (VIDEO)

Date:

රැල්ලට සහ බොරුවට මුලාවී එක් වතාවක් මේ රට බංකොලොත් කරගත් බවත්,නැවතත් ඇතැමුන් මිරිගුවක් පෙන්වමින් රට බංකොලොත් කිරීමේ ඊළඟ පියවර ආරම්භ කොට ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන්නේ ඩොලර් බවත් ඒ වෙනුවෙන් සුවිශේෂී සැලසුමක් අවශ්‍ය බවත් පැවසීය.

ආණ්ඩුව ප්‍රතිපාදන නැති බවත්,වැඩ කිරීමට නොහැකි බවත්,රට බංකොලොත් බවත් පවසමින් නිදහසට කරුණු සොයද්දී සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇතමුන් අද තමන් අලුත් යැයි කියමින් 74 ක ඉතිහාසයට චෝදනා එල්ල කළත් ඔවුන් ද මේ රටේ ආණ්ඩුවල මැති ඇමැතිකම් දරා ඇති බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (28) අම්බලන්තොට දී පැවති ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...