වරක් රැල්ලට හසුවී රට බංකොලොත් වුණා. නැවතත් මිරිඟුවකට හසුවෙන්න එපා – සජිත් (VIDEO)

Date:

රැල්ලට සහ බොරුවට මුලාවී එක් වතාවක් මේ රට බංකොලොත් කරගත් බවත්,නැවතත් ඇතැමුන් මිරිගුවක් පෙන්වමින් රට බංකොලොත් කිරීමේ ඊළඟ පියවර ආරම්භ කොට ඇති බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, මේ රට ගොඩනැගීමට අත්‍යවශ්‍ය වන්නේ ඩොලර් බවත් ඒ වෙනුවෙන් සුවිශේෂී සැලසුමක් අවශ්‍ය බවත් පැවසීය.

ආණ්ඩුව ප්‍රතිපාදන නැති බවත්,වැඩ කිරීමට නොහැකි බවත්,රට බංකොලොත් බවත් පවසමින් නිදහසට කරුණු සොයද්දී සමගි ජන බලවේගය සම්ප්‍රදායික විපක්ෂයක භූමිකාවෙන් මිදී රටට අගයක් එකතු කළ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇතමුන් අද තමන් අලුත් යැයි කියමින් 74 ක ඉතිහාසයට චෝදනා එල්ල කළත් ඔවුන් ද මේ රටේ ආණ්ඩුවල මැති ඇමැතිකම් දරා ඇති බව විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ ඊයේ (28) අම්බලන්තොට දී පැවති ජන හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...