පාස්පෝට් අයදුම්පත් භාරගන්නා ස්ථාන සංඛ්‍යාව 4 සිට 54 දක්වා වැඩිකෙරේ !

Date:

විදේශ ගමන් බලපත්‍ර සඳහා දිවයින පුරා අයදුම්පත් භාරගන්නා ස්ථාන සංඛ්‍යාව 54ක් දක්වා වැඩිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

දැනට එම අයදුම්පත් භාරගන්නේ ස්ථාන 4කදී පමණි.

ඒ අනුව, ඉදිරියේදී ස්ථාපිත කෙරෙන එම නව මධ්‍යස්ථාන 50ත් ඇතුළුව ස්ථාන 54න් තමන්ට පහසුම තැනට ගොස් ඡායාරූප සහ ඇඟිළි සලකුණු සමග අයදුම්පත් භාරදී තම විදෙස් ගමන් බලපත්‍රය නිවසටම ගෙන්වා ගැනීමට මහජනතාවට අවස්ථාව හිමිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ඉදිරියේදී ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කෙරෙන වැදගත්ම දේ තමයි දැනට තැන් 4ක පමණයි අපි අයදුම්පත් භාරගන්නේ, ඒක අපි 54ක් කරන්න යන්නේ. එතකොට මහජනතාවට එයින් ඕනෙ තැනකට ගිහිල්ලා ඡායාරූප අරන්, ඇඟිලි සලකුණු දීලා, ඊටපස්සේ තමන්ගෙ නිවසටම පාස්පෝට් එක එනවා. ඒක ඉතා වැදගත් දෙයක් අපි ඉදිරියේදී කරන්න යන”

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව පැවසුවේ පසුගියදා (27) පැවති එම අමාත්‍යාංශයේ විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...

පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන...

මහනුවර මාතලේ දුම්රිය මාර්ගය ඉදිවෙයි!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:දිට්වා සුළි කුණාටු තත්ත්වය...