13 වන සංශෝධනය ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් කළ යුතුයි – සාගර

Date:

රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීවත් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකළ 13 වැනි සංශෝධනය මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ නම් ඊට පෙර ඒ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජේ. ආර්. ජයවර්ධන මහතාගේ සිට ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා බලයේ සිටි ජනාධිපතිවරුන් විසින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොකිරීමට බලපෑ හේතු සාධකයන් තවදුරටත් සමාජය තුළ පවතින්නේ ද යන්න ගැඹුරින් සලකා බලා 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බව තමන් පසුගිය 26 වැනිදා පැවැති සර්ව පාක්‍ෂික සමුළුවේ දීත් ප්‍රකාශ කළ බව ද පැවැසූ ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේ 13 වන සංශෝධනය මෙම අවස්ථාවේ දී ගැඹුරින් අධ්‍යයනය කිරීමකින් තොරව මෙම අවස්ථාවේ දී ක්‍රියාත්මක කිරීමට එකඟතාවය තමන් පසුගියදා පැවති සර්ව පාක්‍ෂික සමුළුවේදී ප්‍රකාශ නොකළ බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...