මා වෙනුවෙන් සිනාසෙන්න ….

සමකාලීන ජනප්‍රිය සංස්කෘතිය ඇතුලේ නිෂ්පාදනය කරපු රැඩිකල්ම දෙය ‘ටින්ගත හිනාව’ (canned laughter) කියල ස්ලාවෝ ජිජැක් කියනවා. ඒ කියන්නේ ඔබ සිනානොවුණත් රුපවාහිනී යන්ත්‍රය ඔබ වෙනුවෙන් සිනාවෙන්න බාර අරගෙන තියනවා. ඒ නිසා ඔබට තියෙන්නේ බලාගෙන ඉන්න එක විතරයි. ඒ කියන්නේ බලන්ඉන්න කෙනා සදාකාලික ලෙස අක්‍රියයි කියන එක (passive).

හැබැයි ඔය වසන්ත මුදලිගේ හිනාවෙනවා කිව්වට මට ඒක හිනාවක් නෙවෙයි. එයා හිනාවෙන්නේ අපිට. අපේ නොහැකියාවට (impotency). රටක් හැටියට අවුරුදු හැත්තෑ ගණනක් තිස්සේ කිසිම කිසිදෙයක් කරගන්න බැරි තත්වෙට පත්වෙලා එහෙම බිංදුවට ඇදවැටිලා උනත් බොරු ගේම් ගහ ගහ මේක ඇදගෙන යන එකට.

දඹාන පොළවේ ඉපදිලා, උසස් පෙළ සමත් වෙලා, මෙහෙ ඇවිල්ල බලනකොට උගේ පරම්පරාවට කියල ලෝකයක් හදල නැති කොට, හැම එකාම මේකෙන් යන්නේ කොයි වෙලේද කියල ගණන් හද හද ඉන්න කොට, ලෝකෙන් උතුම්ම රට හිඟා නොකා හිඟා කනකොට, වසන්ත මොකක් හරි දෙයක් වෙනුවෙන් ෆයිට් එකක් පටන් ගන්නවා. ඒ අස්සේ රටේ හැම පැත්තෙන්ම පීඩනය දරාගන්න බැරුව අරගලයක් එනවා.

ඒ අරගලය ඇතුලේ ක්‍රියාශීලි වෙලා ඉන්න වෙලාවේ වසන්ත ත්‍රස්තවාදියෙක් හැටියට අර්ථකතනය කරනවා. දැන් ඔහු ඇතුලේ ඉන්නේ ත්‍රස්තවාදය වැළක්වීමේ පණත යටතේ. රටේ මේ පාලනයේ අසමත්කම පෙන්නලා දුන්න සහ දෙන්න හදපු සහ ඒක වෙනස් කරන්න හදපු ගොඩක් අයට ගැහුවේ ”ත්‍රස්තවාදියෙක්” කියන හංවඩුව. නමුත් දැනුවත්ව මේ රට මේ තත්වෙට වට්ටපු එවුන් තමයි ඇත්ත ත්‍රස්තවාදියෝ.

ඉතිං මේ පොළොව කොච්චර නරුම ද? ඇත්තම යාථාර්තය අපෙන් කොච්චර දුරස් ද? මිනිස්සු මේ ඇත්ත තේරුම්ගන්න තව කොච්චර කල්ගනී ද?

ටින්ගත කරපු මිනිස්සු ටී. වී. පොජ්ජවල් දිහා බලාන හැත්තෑ අවුරුද්දක් පාර්ලිමේන්තු කතා අහමින් හිනාවෙන හැටි…දැන් නිදහස් උත්සවය බලන්න මිනිස්සු ගෝල්ෆේස් එයි…ඒ ආපු අය වන් ගෝල් ෆේස් යයි සංවර්ධනේ බලන්න. සෙල්ෆි ගහයි. ෆේස්බුක් දායි. නෙලුම් කුළුනටත් නගී. ඒ නීතිගරුක සාමකාමී ජනතාව.

බලන්න ඒ අක්‍රිය බව. අළුත් ලෝකයක් වෙනුවෙන් වන සිහින මිය ගිහිල්ල තියන හැටි.

හැබැයි මේක නෙවෙයි ඇත්ත ජිවිතේ කියල හිතල අලුත් ලෝකයක් ගැන හීනදකින එවුන් තමයි ත්‍රස්තවාදියෝ…

ඉතිං හිනා නොවී පුලුවන්ද ?

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...