*
Sunday, April 20, 2025
spot_img

Latest Posts

කේ.බී හේරත් ජීවන ගමනින් නික්ම යයි

“මායාදේවි” වේදිකා නිර්මාණය තුළින් විවෘත ආර්ථිකයේ අනාගත ප්‍රති විපාක කල් තබා දුටු නාට්‍ය කරුවකු ලෙස කේ.බී හේරත් මහතා හඳුන්වා දිය හැක. ප්‍රාදේශීය ශිල්පීන් සමග මුලින්ම “සුදු කරල්” මතින් වේදිකාවට ගොඩ බට ඔහු එතෙක් මෙතෙක් සිදු කළ නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකාගාරය වැළඳ ගත් නිර්මාණ විය.

ජාතික රූපවාහිනිය නිෂ්පාදනය කළ “ඉන්ගම්මාරුව”, ගජමන් නෝනා ආදී ටෙලි නිර්මාණ රැසක තිර රචකයා වූ කේ. බී.හේරත් මහතා අධ්‍යාපනය තුළින් ස්ව ප්‍රකාශන ශෛලියක් සකසා ගැනීමට සමත් වන්නේ අතලොස්සකි. ඒ නිසාම එතුමාගේ කල්පනා ශක්තිය විසල් උත්තේජනයක්ම විය. ඔහුගෙන් කලාව ගැන උගත් දේ බොහොමයි. පසු කාලයේ නැතිව ගියත් කලාවේ දේශපාලනය ගැන එකල ඔහුට අපූරු අදහසක් තිබුණා.. ඒ අදහස් වලින් පෝෂණය වුණ අය බොහෝයි. පේරාදෙණිය වලේදි ඔහුගේ කුළුදුල් නාට්‍ය “සුදු කරල්” නරඹා කාලයට සාපේක්ෂව විශ්මයට පත්වුණ අය අදටත් එය සිහිකරයි.

ඔහුගේ වේදිකා නාට්‍ය ගණනාවක් නරඹා ඇතත් මා අද පවා කැමති “මායාදේවි” නාට්‍යයට. විවෘත ආර්ථිකයේ අනාගත අනිටු ප්‍රතිවිපාක තේමාව කොටගත් එහි ඇතැම් දෙබස් පවා අදටත් මතකයේ ඇත. “ඉස්පිරිතාලේ ලෙඩ්ඩු පණ අදිනවා මිනී පෙට්ටි සාප්පුවට ඇහෙනවා. සාප්පුවේ පෙට්ටි වලට ඇණ ගහනවා ඉස්පිරිතාලෙට ඇහෙනවා.” ජයලත් මනෝරත්නයන්ගේ සහ ආබාධිත තරුණිය ලෙස රඟපෑ රත්නා ලාලනී ගේ රංගනයන් අදටත් මතකේ ජීවමානයි .

අද දින (29) කේ. බී. හේරත් නම් වූ විශිෂ්ට නාට්‍යකරුවා සිය දිවිසැරිය 81 වන වියේ දී නිමාකොට තිබෙනවා.

කලාව පිළිබඳව අපව පෝෂණය කළ කේ. බී. හේරත් මහතානෙණි මතුවටත් ඔබ ජනහදවත් තුළ සදා ජීවමානයි !!!

ඔබට සුබ ගමන්…!!!

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan