ඔමික්‍රොන් ආසාදිත තවත් 82ක් හඳුනාගනී

Date:

මෙරටින් තවත් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය ආසාදිතයන් 82 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය තුළ සිදුකරන ලද සාම්පල් 88 පරීක්ෂාවකිනුයි එම 82 දෙදෙනා හඳුනාගෙන ඇත්තේ.

ඔවුන්ද අනු ප්‍රභේද 02 ක ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව දැක්වෙයි.

පසුගිය සතියේදී සමාජයෙන් ලබාගත් සාම්පලවලින් මෙම ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,කැස්බෑව, මතුගම යන ප්‍රදේශවලින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය පවසයි.

සෙසු සාම්පල් සාම්පල් 06 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත බව හඳුනාගෙන ඇත.

ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් වාර්තා වී ඇත්තේ හොරණ, මතුගම සහ පානදුර යන ප්‍රදේශවලිනි.

ඒ අනුව මේ වන විට රට පුරා කොවිඩ් 19 ඔමික්‍රොන් ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන හෙයින් තවදුරටත් එම එන්නත්කරණය ලබා ගැනීමේ අවශ්‍යතාව පවතින බවයි සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...