රජයේ විධායක නිලධාරීන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක !

Date:

රාජ්‍ය අංශයේ විධායක ගණයේ නිලධාරීන්ගේ වෘත්තීය සමිති 17ක් අද (29) දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ඔවුන් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන අතර රාජ්‍ය අංශයේ සියලු විධායක නිලධාරීන්ගේ සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සමුළුවක් ද පවත්වන බවයි රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති එච්.එල්.ඒ උදයසිරි මහතා පැවසුවේ.

“අද දවසේ රජයේ විධායක නිලධාරීන් ඒකාබද්ධ කමිටුව නියෝජනය කරමින්, මේ රටේ දීපව්‍යාප්ත සේවා සහ සමාන්තර, දෙපාර්තමේන්තු ගත සේවා, විධායක නිලධාරීන් නියෝජනය කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙන්න තීරණය කළා. අද මේ රටේ දීපව්‍යාප්ත සේවා ලෙස සැලකෙන හිමිකරු සේවය, අධ්‍යාපන පරිපාලන සේවය විද්‍යාත්මක සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මේ රටේ මිනින්දෝරු සේවය ඇතුළු දෙපාර්තමේන්තු සේවා නියෝජනය කරමින් විධායක නිලධාරින් කොළඹට රැස්වෙලා සමුළුවක් පවත්වනවා…”

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...