එක් ආයතන ව්‍යුහයක් යටතේ ගාල්ල නගර සංවර්ධන සැලැස්ම කඩිනම් කරන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Date:

ගාල්ල සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා විශේෂ කොමිසමක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ගාල්ල සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට පෙරේදා (27) එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගරයේ සහ ගාල්ල කොටුව ප්‍රදේශය අවට සංචාරය කරමින් එහි සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීය.

ගාල්ල කොටුවේ පිහිටි රාජ්‍ය ආයතන සහ කාර්යාල ගාල්ල කොටුවෙන් පිටතට ගෙන ඒමේ ක්‍රියාවලියේ ඇති මන්දගාමී ස්වභාවය පිළිබඳ මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා එම සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාව නිලධාරීන්ට අවධාරණය කළේය.

ගාල්ල නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා අනෙකුත් සියලු ආයතන එක් ආයතනික ව්‍යුහයක් යටතේ ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අවශ්‍ය සැලැසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද පැහැදිළි කළේය.

ගාල්ල කොටුවේ දී එහි පැමිණ සිටි දෙස් විදෙස් සංචාරකයන් සමඟ ද කථා බහකට එක්වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසූ ජනාධිපතිවරයා අනතුරුව ඒ අසළ වෙළෙඳ සැළකට ද ගොස් වෙළෙඳසැල් හිමියන් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ගාල්ල කොටුවේ සංවර්ධනයට අදාළව ඔවුන්ගේ ද අදහස් විමසා සිටියේය.

අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, මනුෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජු බණ්ඩාර: සංගීතඥයෙකු, ගායකයෙකු සහ නළුවෙකු වූ සුප්‍රකට වාදකයාගේ අප්‍රකට තොරතුරු

"ඔහුට තිබුණා ගායකයෙකුට පිහිටන දුර්ලභ විශේෂත්වයක්. ඒ, අව්‍යාජ ළයාන්විත...

Deadpool, Loki සහ Thor වැනි මාර්වල් ලෝකයේ තවත් වීරයන් ඇතුළත් 2026 Avengers නිල පෝස්ටරය Marvel Studios එලිදක්වයි!

සටහන – පුලී ජනවාරි 17, කොළඹ (LNW): මාර්වල් ස්ටූඩියෝස් 2026...

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...