ශ්‍රී ලංකා යෞවනයෝ ඔස්ට්‍රේලියාව ඉදිරියේ පසුබසිති

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 29 කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයෙ ඔස්ට්‍රේලියාව වෙතින් කඩුලු 6 ක පරාජයක් අත් වින්දා.කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා දීමට යළිත් වරක් අසමත් වූ පුළිඳු පෙරේරා ලකුණු නොලබාම දැවී ගියා.
බිඳ වැටීමට එරෙහිව ආක්‍රමණික ප්‍රහාරයකට යාමට සමත් වූයේ දිනුර කළුපහන පමණයි.ඔහු ඊයේ ද හොඳ ඉණිමක් ක්‍රීඩා කරමින් පන්දු 78 දී ලකුණු 64 ක් ලබා ගත්තා.එයට හතරේ පහර හයක් සහ හයේ පහර තුනක් ඇතුළත් වුණා.රවිශාන් ද සිල්වා ලකුණු 30 ක් සහ සාරුජාන් ෂන්මුගනාදන් ලකුණු 21 ක් ලබා ගන්නට සමත් වුණා.සාරුජාන් ඊයේ ද අවසාන පිතිකරුවා ලෙස අංක 8 ට පැමිණ දැවී ගිය අතර ඔහු ලකුණු අතර සිටින බැවින් පිතිකරු ලේඛණයේ ඉහළින් පහර දීම සඳහා යොදා ගැනීම පලදායක විය හැකි බව ඊයේත් ඔහු පෙන්වා දුන්නා.


නායක සිනෙත් ජයවර්ධන ද නැවතත් අසාර්ථක පිතිකරුවන්ගේ ගොන්නට වැටෙමින් ලකුණු 16 ක් වෙනුවෙන් පන්දු 36 ක් වාර්තා කළ අතර පන්දු යැවීමෙන් හොඳ දායකත්වයක් ලබා දෙමින් පන්දු ඕවර් 9 ක් තුළ සිය දකුණත් පිට දග පන්දුවෙන් ලකණු 32 එක් කඩුල්ලක් දවා ගන්නට සමත් වුණා.ඊයේ ශ්‍රී ලංකා ඉණිම තුළ ද නිලකුණු පන්දු වාර්තාවීම කැපී පෙණුනා.හයේ හෝ හතරේ පහර වෙනුවට එක ලකුණු එකතු නොවීම මෙහිදී වැඩි ලකුණු ගණනකට යාමට නොහැකිවීමේ ප්‍රධාන දුර්වලකම ලෙස දකින්නට ලැබුණු අතර ඒ නිසා ශ්‍රී ලංකාවට රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 208 ක් පමණයි.


ලකුණු 208 ක් ආවරණය කර ගැනීමට ඔස්ට්‍රේලියාව ඉදිරියේ මේ දක්වා ඉහළ දස්කම් පෑ ශ්‍රී ලාංකේය පන්දු යවන්නන් උත්සාහ ගත්ත ද,අඩු ලකුණු පූවරුවක් හඹා යාමේදී සැළකීම යොමු කළ යුතු අවධානය සහිතව පන්දුවට පහර දුන් රයන් හික්ස් පන්දු 104 දී නොදැවී ලකුණු 77 ක් එකතු කරමින් ද,ටොම් කැම්බෙල් පන්දු 41 දී ලකුණු 33 ක් ලබමින් ද නොදැවී ක්‍රීඩා කරමින් සිව්වෙනි කඩුල්ලට නොබිඳි ලකුණු 82 ක සබඳතාවයක් ගොඩ නැඟමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සම්බන්ධ බලාපොරොත්තු බිඳ දැමුවා.
විශ්ව ලහිරු ඊයෙ දිනයේදීත් සාර්ථක වෙමින් සිය පන්දු ඕවර් 10 ලකුණු 24 නිමා කරමින් කඩුලු 2 ක් දවා ගන්නට සමත් වුණා.අඩු ලකුණු පූවරුවකට පිළිතුරු සැපයීමේදී කලපනාකාරී විමේ වැදගත්කම අවබෝධ කරගත් ඔස්ට්‍රේලියානු පිතිකරුවන්ට කඩුලු 4 ක් ලකුණු 129 දි අහිමි වූ පසුව ලකුණු ප්‍රමාණයට වඩා විශාල වූ පන්දු ප්‍රමාණයෙන් නොදැවී ඉලක්කයට යාමට අවශ්‍යය මාවත සකසා ගැනීම කෙරෙහි අවබෝධයකින් කටයුතු කරන්නට ඔවුන් තීරණය කර තිබුණ බව දකින්නට ලැබුණා.

https://www.espncricinfo.com/series/icc-under-19-world-cup-2023-24-1399722/australia-under-19s-vs-sri-lanka-under-19s-24th-match-group-c-1399747/full-scorecard


ඉහත සබඳතාවයෙන් තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට හැකි අතර ශ්‍රී ලංකාව අවසන් අට දෙනාගේ වටයේදී පෙබරවාරි 2 දා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟ තරග වැදීමට නියමිතයි.ඡායාරූපයේ දැක්වෙන්නේ ජයග්‍රහණය දක්වා ඉවසීමෙන් කටයුතු කළ රයන් හික්ස් සහ ටොම් කැම්බෙල් ජයග්‍රහණය සමරන අයුරුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...