මැදපෙරදිග එක්සත් ජනපද හමුදා කඳවුරට ඩ්‍රෝන් ප්‍රහාරයකින් භටයන් තිදෙනෙකු මරුට ; අපි පිළිතුරු දෙන්නෙමු – බයිඩන්

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජෝර්දානයේ සිරියානු දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකු මිය ගොස් තවත් සෙබලුන් 34 දෙනෙකු කම්පන සහගත මොළයේ තුවාල වලට බදුන්ව ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් විශෙෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ, මෙම ප්‍රහාරය ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම් විසින් සිදු කළ බවත් එයට ප්‍රතිචාර දැක්වීමට තමා සූදානම් වන බවත්ය.
ජෝර්දාන රජයේ ප්‍රකාශකයෙකු වන මුහන්නාද් මවුබයිඩීන් රාජ්‍ය රූපවාහිනියට පැවසුවේ ප්‍රහාරය සිරියාවේ අල්-තාන්ෆ් කඳවුර ඉලක්ක කරගත් බවයි.

කෙසේ නමුත්,ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා කලාපය තුළ මිය ගිය පළමු අවස්ථාව මෙයවන අතර අවම වශයෙන් ඔක්තෝබර් 17වන දා සිට 97 වතාවක් එකසත් ජනපද හමුදා කදවුරු වලට ප්‍රහාර එල්ල කර තිබූ අතර මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් කිසිදු හානියක් වාර්තා කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ගැන නව ආයෝජන බලාපොරොත්තුවක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : නාගරික සංවර්ධන අධිකාරියට...

ගොවි ජනතාව වෙනුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : ශ්‍රී ලංකා මගවැලි...

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...