ජපානයේ Moon Lander Slim නැවත සඳමත අවදිවෙයි; මෙහෙයුම අරඹයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සඳ විමර්ශනය කිරීම සඳහා ජපානය විසින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට් ලෑන්ඩර් (ස්ලිම්) නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව වර්තා වේ.

පසුගිය ජනවාරි 20වන දා සදමත සාර්ථකව ගොඩ බසින ලද යානය විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් අක්‍රිය තත්වයේ පසු විය.

සඳ විමර්ශනය කිරීම සඳහා ස්මාර්ට් ලෑන්ඩර් (ස්ලිම්) අභ්‍යවකාශ යානය සමඟ, ජපානය එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත මෘදු ස්පර්ශයක් ලබා ගත් පස්වන රට බවට පත්විය.

ස්ලිම් මෙහෙයුම පැමිණියේ ජපානය විසින් මීට පෙර දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක වීමෙන් පසුවය, ස්ලිම් මගින් සඳෙහි සම්භවය පිළිබඳ හෝඩුවාවන් හා පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...