උපන් විඟස බිළිඳා රෝහලේ දමාගිහින්! මාතෘත්වයටත් නිඟාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 29 කොළඹ (LNW): ප්‍රසූත කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශික්ෂණ රෝහලේ දමා ගොස් සිටියදී, මරණයට පත්වූ දින එ⁣කොළහක් වයැසැති බිලිඳු දරුවෙකුගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ ජයප්‍රේම බී. තෙන්නකෝන් මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට නියම කර ඇත.

පිරිමි ළදරුවෙක් මෙලෙස රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්වී ඇත. ළදරුවාගේ මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමෙන් අනතුරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලීසියට අදාළ නියෝගය දුන්නේය.

නොමේරු තත්ත්වයක උපත ලද දරුවා ප්‍රසූත කළ මව දරුවා ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව රෝහලෙන් කිසිවෙකුටත් නොදන්වා මීට දින කීපයකට පෙර පිටව ගොස් තිබුණි. ඒ අතරේදී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් ඇත.

ඒ අනුව මියගොස් සිටින ළදරුවාගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා මාපියන් සොයා ඔවුන් හා සම්බන්ධ ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත් නීතීඥ තෙන්නකෝන් මහතා පොලීසියට නියම කළේය.

එසේම ළදරුවාගේ මාපියන් රටින් පැන යාහැකි බවට ලද තොරතුරක්ද සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට රටෙන් පැනයා නොහැකි වන ලෙස කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට දන්වන ලෙසද නියම කළේය.

පොල්ගහවෙල ගොඩවෙල ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් මෙම ළදරුවාගේ මාපියන් බවට සැක කරන අතර ධම්මි අබේසිංහ නමැති තරුණ කාන්තාවක් ⁣දරුවා ප්‍රසූත කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔවුන් ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවට සැක කරන පොලීසිය මේ වනවිට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා සැඟව සිටින තැන් සොයා විමර්ශන සිදු කරන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍ය ගල්ලන්ගොඩ සිහි කරමින් පැසිපන්දු තරගාවලියක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: වෛද්‍ය ජනක ගල්ලන්ගොඩ අනුස්මරණ කුසලානය...

ටිරෝන් ද සිල්වා කුසලානය 10 වන වරටත් කැවිලියර්ස් සතු වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: “ටිරෝන් ද සිල්වා” අභියෝගතා කුසලානය...

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්!

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට කර්මාන්ත අංශයේ දායකත්වය ඉහළ නංවා...