ජපානයේ Moon Lander Slim නැවත සඳමත අවදිවෙයි; මෙහෙයුම අරඹයි

සටහන – සශිකලා මධුෂාණී

ජනවාරි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සඳ විමර්ශනය කිරීම සඳහා ජපානය විසින් නිෂ්පාදනය කරන ලද ස්මාර්ට් ලෑන්ඩර් (ස්ලිම්) නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව වර්තා වේ.

පසුගිය ජනවාරි 20වන දා සදමත සාර්ථකව ගොඩ බසින ලද යානය විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් අක්‍රිය තත්වයේ පසු විය.

සඳ විමර්ශනය කිරීම සඳහා ස්මාර්ට් ලෑන්ඩර් (ස්ලිම්) අභ්‍යවකාශ යානය සමඟ, ජපානය එක්සත් ජනපදය, පැරණි සෝවියට් සංගමය, චීනය සහ ඉන්දියාවට පසුව සඳ මත මෘදු ස්පර්ශයක් ලබා ගත් පස්වන රට බවට පත්විය.

ස්ලිම් මෙහෙයුම පැමිණියේ ජපානය විසින් මීට පෙර දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක වීමෙන් පසුවය, ස්ලිම් මගින් සඳෙහි සම්භවය පිළිබඳ හෝඩුවාවන් හා පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...