වසර 70 ට පසු රත්නපුර- කෑගල්ල යා කරන බැඩිමින්ටන් පාළමක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 30 ,(LNW)කොළඹ :

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් ඒකාබද්ධ කරමින් සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයක් වසර 70 ට පසුව ආරම්භ විය.ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී අධික්ෂණය යටතේ ඇරඹුණු එම ඓතිහාසික සංගමයේ සභාපති ධූරයට ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරයකු වන රොෂාන් ගුණවර්ධන මහතා පත්ව සිටී.

සියලු පළාත්වල මෙන්ම ශ්‍රේණිගත කිරීමේ තරගාවලි පැවැත්වීම තුළින් සබරගමුව පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගිලිහී ගිය අවස්ථාවන් නැවත ලබා දෙමින් දශක ගණනාවක් අක්‍රීය වී තිබීම හේතුවෙන් එම පළාතේ බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අහිමි වූ පහසුකම් ලබා දීම සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පිහිටුවීමේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගනියි. ඒ අනුව ලබන ජූනි මාසයේදී රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරමින් ශ්‍රේණිගත කිරීමේ තරගාවලියක් පැවැත්වීමට නව පරිපාලනය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් හි අනුග්‍රහය අනුව ක්‍රියා කරනු ඇත.

රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි දුෂ්කර පාසල් 100ක් සඳහා බැඩ්මින්ටන් ක්‍රීඩා උපකරණ බෙදා දීම සහ ගුරුවරුන් 200ක් පුහුණුකර සහතිකපත් ප්‍රදානය කිරීම, සබරගමු පළාතේ පුහුණුකරුවන් සඳහා බැඩ්මින්ටන් පුහුණු කඳවුරු දෙකක් ආරම්භ කිරීම සහ රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල බැඩ්මින්ටන් විනිසුරුවරුන් සහ පැති විනිසුරුවරුන් සඳහා පුහුණු කඳවුරු පැවැත්වීම සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමය පිහිටුවීම සහ නිලධාරී මණ්ඩලය පත් කිරීම සඳහා පැවැති රැස්වීමේදී සාධනීය යෝජනා ලෙස ඉදිරිපත් විය.

සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කිරීම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපතිවරුන් වන චාමර අලුත්ගේ සහ බුද්ධික ද සිල්වා මහත්වරුගෙන් අධීක්ෂණය යටතේ සිදු කෙරිණි. එම අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ පාලිත හෙට්ටිආරච්චි සහ සම්බන්ධීකාරක තිළිණ දන්තසිංහ මහත්වරු ද සහභාගි වූහ.

සබරගමුව පළාත් බැඩ්මින්ටන් සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය.
සභාපති – රොෂාන් ගුණවර්ධන, ලේකම් – චාන්දනී සෙනෙවිරත්න, භාණ්ඩාගාරික – නයනජිත් දංගල්ල, උපසභාපතිවරු – මේජර් ඒ.ඩී.ඩිල්ෂාන් (තරගාවලි කමිටුව), නීතිඥ ඩබ්.එම්.පී.වයි. වාසල (විනය කමිටුව), තරංග ඩිල්ෂාන් (අරමුදල් කමිටුව), සී.ජයමල් පෙරේරා (පුහුණු හා සංවර්ධන), කේ.ඒ.නවරත්න (දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව 1), ඉසුරික තෙන්නකෝන් (දිස්ත්‍රික් අධීක්ෂණ කමිටුව 2), කෞෂානී සිල්වා (පුහුණුකරුවන් පුහුණුකිරීමේ හා සංවර්ධන), උපලේකම් (ලිපිලේඛන) -තිළිණ දන්තසිංහ, උපලේකම් – ඩිලේන් විහඟ, උපභාණ්ඩාගාරික – ජගත් රූපසිංහ.
කමිටු සාමාජිකයෝ – කල්පනී හේරත්, ජේ. දංගල්ල, ජේ.ආර්.ඩී. සමරතුංග, සමාධි අනුත්තරා
තරගාවලි ලේකම් (රත්නපුර) – දිනුක විතානගේ
තරගාවලි ලේකම් (කෑගල්ල) – චතුමල් සෙනෙවිරත්න

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...

අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 13 කොළඹ LNW: 2024 වසරේ අල්ලස් ලබා...

නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා...