කොළඹ LNW:මේ වන විට මුහුණ දී සිටින පොල් ප්රශ්නය විසඳීම වෙනුවෙන් ඉන්දුනීසියාවෙන් පොල් නිෂ්පාදන ආනයනය කිරීමට රජය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙයි.
පොල් ආශ්රිත නිෂ්පාදන මෙන්ම පොල් ගෙඩි වශයෙන් ආනයන කිරීමද අවධානයට ලක්ව තිබෙන බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
දැනට සිදුකර තිබෙන සොයා බැලීම් වලදී පොල් නිෂ්පාදන ආනයනයට සුදුසුම රට ලෙස හඳුනා ගෙන ඇත්තේ ස ඉන්දුනීසියාවයි.
අවශ්‍යතාව අනුව පොල් නිෂ්පාදන ආනයනය කිරීමට නිෂ්පාදකයින්ට අවසර ලබා දීමට නියමිත අතර පොල් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට යෝජිත බව සඳහන්.
ඒ අනුව මිට අදාළව කැබිනට් පත්‍රිකාවක් එළඹෙන සතියේ ඉදිරිපත්වනු ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.
ආශිකා බ්‍රාහ්මණ