සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින් ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතාවලට මාරාන්තික මර්දනයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර අසාදුලේඛන ගත කර ඇති බව වාර්තා වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මස 28 වනදා ඉරානයේ මුදල් ඒකකය විශාල වශයෙන් පහළ යාමත්, උද්ධමනය ඉහල යාමත්, ඊට එරෙහිව සිවිල් වැසියන් විසින් රාජාණ්ඩුවට එරෙහිව ගෙනයන ලද උද්ඝෝෂණ සම්බන්ධයෙන් රජය විසින් ගෙන ගිය මර්ධනකාරී පිළිවෙත පිළිබඳව යුරෝපා සංගම් විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී කාජා කල්ලස් ඊයේ(29) දිනයෙදී සඳහන් කර තිබුණේ, තමන්ගේම ජනතාව දහස් ගණනක් මරා දමන ඕනෑම පාලන තන්ත්‍රයක් තමන්ගේම විනාශය කරා ගමන් කරන බවයි.
කෙසේ නමුත්, ඉරාන විදේශ අමාත්‍යාංශය මෙම තීරණය හෙළා දැක ඇති අතර සිය රටට එරෙහිව ගනු ලැබූ මෙම තීරණය නීති විරෝධී, දේශපාලනික සහ ජාත්‍යන්තර නීතියට පටහැනි මෙන්ම රටේ අභ්‍යන්තර කටයුතු උල්ලංඝනය කිරීමක් වශයෙන් සඳහන් කර තිබිණ.
1979 ඉරානයේ ඉස්ලාමීය විප්ලවයෙන් පසුව පිහිටුවන ලද IRGC යනු එරට හමුදාවේ ප්‍රභූ ශාඛාවක් වන අතර එය උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සෘජුවම පිළිතුරු දෙන අතර ඉරාන මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන් අධීක්ෂණය කරයි.

