රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

Date:

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන කාලයේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ විහාරගල වතුයායට අයත් අක්කර පහක ඉඩමක් බදු පදනම යටතේ රජ⁣යේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට (GMOA) ලබා දී තිබේ.

නියමිත පටිපාටියෙන් තොරව මෙම ඉඩම පවරාදීම සිදුකර ඇති අතර බදු කොන්දේසි කඩකිරීම හේතුවෙන් එම ඉඩම නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.

හෙක්ටයාර 2.0234 ක මෙම ඉඩම 2023. 05. 24 වැනි දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙත වසරක් 30ක් සඳහා බදු ඔප්පුවකින් පවරා දී තිබුණි.

අක්කරයක් රුපියල් 50,000ක පමණ මුදලකට බදු දී ඇති මෙම ඉඩම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදු කොන්දේසි පැහැර හැරීම හේතුවෙන් පසුගියදා බදු ගිවිසුම අවලංගු කොට පවරා ගැනීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

මෙම ඉඩම පිහිටි ප්‍රදේශය දියලුම ඇල්ල ඇතුළු ඉහල සංචාරක ආකර්ෂණයක් සහිත ස්ථාන ගණනාවකට පහසුවෙන් ප්‍රවේශ වියහැකි ස්ථානයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...