පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක්

Date:

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7000ක් යොදවන අතර දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ ඉදිරි මැතිවරණය නිරීක්ෂණය සඳහා සංවිධාන 4කට වැඩි සංඛ්‍යාවකට අවසර දෙන බවත් පැෆ්රල්, කැෆේ, සී.එම්,ඊ.වී ඇතුළු සංවිධානවලට එලෙස මැතිවරණය නිරීක්ෂණය සඳහා අවසර ලබා දෙන බවයි.

නිරීක්ෂණ කණ්ඩායම් දෙකකට පමණක් ඡන්ද මධ්‍යස්ථාන තුළට පිවිස නිරීක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදෙන බවද එතුමා පැවසූ අතර අනෙක් සංවිධාන බාහිරව නිරීක්ෂණ කටයුතුවල නිරත වන බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...