නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණ සජබෙ..

අද (30) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරුවන් ට දඬුවම් දිය යුතු බව පවසමින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ පිළිබඳ මාධ්‍යට ඇදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා –

“අපිට ලොකු ප්‍රශ්නයක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුව හැංගුවේ කවුද කියන එක. අපිට පේනවා කවුරු හෝ හංගලා තියෙනවා. මේ හංගලා තියෙන තැනින් එළියට අරගෙන ඒ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සමග ඉන්න කණ්ඩායමට දඬුවම් දියයුතුමයි අධිකරණයෙන්. ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සුන්ගේ අයිතිවාසිකම් එක්ක අහිංසකව ජීවත් වෙච්ච, පල්ලියට ගිය අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරා දැම්මා. ඒ මරාදැම්ම එක අවුරුදු ගානක් ගිහින් අල්ලන්න බැරි නම් ඒ අයට බලයේ ඉන්න අයිතියක් නෑ. ඒ විතරක් නෙමෙයි මේක හංගන මිනිස්සුන්වත් මහ මොළකරුගෙන් යම් කිසි ක්‍රියාදාමයකට නතුවෙලා ඉන්න කණ්ඩායමක් ඉන්නවා නම් ඒ අයටත් අවශ්‍ය දඬුවම් දෙන්න ඕනේ. අපි නීතියේ සාධාරණත්වය ඉල්ලනවා. සමගි ජන බලවේගය හැටියට අපේ රජයක විතරක් නෙමෙයි වර්තමානයේ දැන් මේක කරන්න ඕනේ. දැන් කරන්න ඕන බලකිරීම කරන්න තමා අද මේ සුදානම. අපි මේක අතහරින්නේ නෑ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඌව පරණගම ඩවුන්සයිඩ් වතු රෝහල නවීකරණයට පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : • ‘Clean Sri...

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

රුසියානු විද්‍යාගාර සේවිකාවගේ අභිරහස් මරණය සහ හඳුනා නොගත් රෝගය: සිදුවූයේ කුමක්ද?

ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සිරදඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්...

අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...