*
Friday, September 20, 2024
spot_img

Latest Posts

හෙට බර කරන රගර් තීරණයකින්, තනි කකුලෙන් දුවන මෙවර රගර් ලීගය

මේ මොහොතේ ජාතික රගර් ලීග් තරගාවලිය පැවත්වෙමින් තිබෙනවා.ක්‍රීඩාවේ දක්ෂතාවල දකින්න අඩුවක් නැති වුණත් ඒවා වෙනද තරම් උත්කර්ශයට නැඟෙන්නෙ නැති ගතියක් තියෙනවා.හේතුව තරගාවලියට තවමත් අනුග්‍රාහකයෙක් නැහැ.ඒක හරියට තනි කකුලෙන් දුවනවා වගෙ වැඩක්.මෙච්චර දවස් රගර් තරගාවලි දිව්වෙ පරිපාලනය සහ අනුග්‍රාහකයා කකුල් දෙක කරගෙන අනුග්‍රාහකයා එන්න පුළුවන් ඉස්සරහට
රගර් පරිපාලනය පැත්තෙන් ඇහෙන ඒ උත්තරයෙ තවම විශ්වාසය රැඳිලා තියෙනවා.

ඇයි එනකම් ඉන්න බැරි වුණේ නැවත පෙරළා ප්‍රශ්නයක්. ඒ අපෙන්.ඊට පස්සෙ පහතින් දිග හැරෙන්නෙ ඔවුන් හා වූ සංවාද සහ වාද අතරේ ඔවුන් ඇඳපු චිත්‍රය, සමහර තැන්වල අපි ඊට එකතු කරපු වර්ණත් සමඟ.

එතනදි උත්තරයෙ එක භාගයක් තියෙන්නෙ පිට්ටනියෙ.ක්‍රීඩා සමාජවලට ක්‍රීඩකයන්ට පුහුණුකරුවන්ට කණ්ඩායම්වලට සම්බන්ධ වෘත්තිකයන්ට.ඒ අයව මාසයක් ආදායමක් නැතුව තියෙනවද නැතත් අමතර වියදමක් කණ්ඩායම් පිට පටවනවද කියන කාරණයෙදි රගර් පරිපාලනය තියෙන්නෙ මේ සියල්ල රැක ගැනීමට කියන කාරණය එක්ක හිටගන්න රගර් පරිපාලනය තීරණය කරලා.

දෙවන වැදගත් කාරණය තමයි රගර් පරිපාලනය අනුග්‍රාහකත්වයත් සමඟ විකාශන අයිතියත් අනුග්‍රාහකයාට පැවරීමේ සම්ප්‍රදාය වෙනස් කරන්න තීරණය කිරීම.මේ කාරණය පරිපාලනය ඇතුළෙ විශාල කතාබහකට ලක් වුණු මාතාකාවක්.නමුත් ලංකාවේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ම ක්‍රිකට් පරිපාලනය කරන්නෙත් එහෙමයි.රගර් පරිපාලනය රටේ රගර් වෙනුවෙන් පැවරී තියෙන වැඩ විශාල කොටසක් තියෙනවා වගේම ක්‍රිකට් ළඟට වැඩිම මුදල් ප්‍රමානයක් ගැවසෙන ක්‍රීඩාව රගර්.රගර් තියෙන ප්‍රදේශ සීමිත වුණාට ඒ සීමිත ප්‍රදේශවලදි ක්‍රීඩා පිටි හිස් ගොඩක්.උද්යෝගය වගේම එහි තිබෙන උත්තේජනය ප්‍රේක්ෂකයන්ට කා වඳින සුළු ජවය,වේගය සමඟ මුසු ශක්තියේ සහ උපක්‍රමිකත්වයේ අපූර්ව හැඩ මිනිස්සු රගර් එක්ක බැදලා අල්ලගන්නවා.

මේ තත්ත්වය එක්ක රගර්වලට හොඳ මූලස්ථානයක් සඳහා එක දිගට අමාත්‍යවරු කිය කියා මඟ හරින ඉඩ ලැබුණ මොහොතක එය ක්‍රියාවට නංවන්න වගේම රගර් උද්යෝගය රටේ සතර අතට ගෙන යන්නටත් පරිපාලනයට හොඳ ආර්ථික හයියක් අවශ්‍යය වෙනවා.ඒ සඳහා මේ විකාශන අයිතිය රඳවා ගැනීම,ප්‍රධාන අනුග්‍රාහකයාට වුව ඒ වෙනුවෙන් වෙනම මුදලක් දරන්නට වීම වගේම මේ වට පිටාව හරහා අනුග්‍රාහකත්වයන් වැඩියෙන් ලබන්නට තියෙන ඉඩ පුළුල් කරගන්න මේ අනුව පරිපාලනය තීරණයකට එනවා.

මේ තීරණය සම්බන්ධ සාකච්ඡාවේ අවසානයේ ඒ ගැන හිතන්න තවත් සති තුනක කාලයකට ලීග් තරගාවලිය පස්සට දාන්න අනුග්‍රාහක කතාවේ එක පැත්තකින් එන ඉල්ලීමට “ශ්‍රී ලංකා රගර්” හිස නොනැමිය යුතු බව තීරණය කරලා තමයි මේ මොහොතේ මෙවර රගර් ලීග් තරගාවලිය අනුග්‍රාහකයෙක් නැතුව පවත්වාගෙන යන්නෙ.ඒත් ඉදිරයේදී එකතු වේය කියන බලාපොරොත්තුව ඇතිව.

රගර් ක්‍රීඩාව පැත්තෙන් මේ පනින පිම්ම දැවන්ත එකක්.මේ දක්වා තරග අනුග්‍රාහකයාට අවශ්‍යය පරිදි මුළු තරගාවලියේ විකාශන අයිතියත් පැවරුණාම ඔවුන් අතින් සමහර විට වෙන අනුග්‍රාහයක් හරහා රගර් ක්‍රීඩාවට උපයන්න තියෙන අවස්ථාවේ දිග පළල තීරණය කරන්න හෝ ප්‍රතික්ෂේප කරන්න අවස්ථාව ලැබෙන්නෙ අනුග්‍රාහකයාට.ඒ වගෙම කණ්ඩායම් අනුග්‍රාහයන් හොයද්දි වුණත් කණ්ඩායම් පැත්තෙන් එන අනුග්‍රාහකයාට වුණත් සමහර දේවල් ආකර්ශණිය වෙන්නෙ නැහැ.මේ නිසා මෙවර අනුග්‍රාහකයන් නැතුව බර අඳින්න ගත්තු තිරණය ඉදිරියට රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැඩි බරක් එකතු කරන්න ගත්තු මහන්සියක් බවයි පේන්න තියෙන්නෙ.මේ වෙලාවෙ රගර් එක්ක ආදරයෙන් බැදුණ මිනිස්සු ඒ ආදරය විශාල කරන්න රගර් ගන්න උත්සාහයට අඩුම තරමින් දුර ඉදලා පාවෙන හාද්දක්වත් දෙන්න වටින වෙලාවක් කියලා මේ මොහොත තේරුම් ගන්නවනම්……

හෙට මීට වඩා විසල් රගර් ක්‍රීඩාවක් පැළවෙන්න පුළුවන් සරු බිමක් බවට ලංකාව පත් වෙයි.ක්‍රීඩා අමතිතුමාත් රගර් ක්‍රීඩකයෙක් නිසා මේ මොහොතේ ඒ පොළවට ඉසින්න සරු බීජ හොයා දෙයි කියන විශ්වාසයත් රගර් පරිපාලනය ඇති.බලමු හෙට කාගෙත් වැඩවල හැඩ කෙතරම් අවංකද ආදරණියද කියන එක දකින්න ලැබෙයි.
මෙවර තරගාවලියේ ලකුණු සටහනේ දැනට පෙරමුණ ගෙන ඇත්තේ හැව්ලොක්ස් කණ්ඩායමයි.දෙවන තැන සිටින්නේ මහනුවරයි.තෙවන සහ සිව්වන තැන් හී පිළිවෙලින් සීආර් ඇන්ඩ් එෆ්සි සහ යුද හමුදා කණ්ඩායම් පසුවෙනවා.

RM

සීආර් කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතර තරගෙය් අවස්ථාවක්
පොලීසිය සහ නාවික හමුදාව අතර තරගයේ අවස්ථාවක්
හැව්ලෝක්ස් සහ යුද හමුදාව අතර තරගයේ අවස්ථාවක්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan