ජෝර්දානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය හමුදා භටයින්ගේ නම් ප්‍රකාශයට පත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 30 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද රජය ජෝර්දානයේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය හමුදා භටයින්ගේ නම් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ.

46 හැවිරිදි සාජන්ට් William Jerome Rivers, 24 හැවිරිදි විශේෂඥ Kennedy Ladon Sanders සහ 23 හැවිරිදි විශේෂඥ Breonna Alexsondria Moffett මෙලෙස ප්‍රහාරයෙන් මියගිය අය බවට තහවුරු කර ඇත.

ඔවුන්ගේ නිවාස ඒකකයට ඩ්‍රෝන යානයක් වැදීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය ඉරානයේ පිටුබලය ලබන කණ්ඩායම්වලට දොස් පවරා ඇති අතර පෙන්ටගනය පැවසුවේ හිස්බුල්ලා සංවිධානයට අයත් සාක්ෂි තමන් සතුව ඇති බවයි.

එක්සත් ජනපදයට ඉරානය සමග යුද්ධයක් අවශ්‍ය නැති බවද පෙන්ටගනය ද නැවත අවධාරණය කර ඇත.

මේ අතර ප්‍රහාරය සඳහා භාවිතා කරන ලද ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් ලෙස පෙනෙන බව එක්සත් ජනපද නිලධාරියෙකු පැවසූ බවද සඳහන් වේ.

එමෙන්ම ප්‍රහාරයට වගකිව යුතු සටන්කාමී කණ්ඩායම්වලට සහාය දුන් බවට එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය විසින් සිදුකරන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කර ඇත.

ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ සිරියානු දේශසීමාව ආසන්නයේ ඊසානදිග ජෝර්දානයේ රුක්බාන් ප්‍රදේශයේදීයි .

මෙම කඳවුර පසුව එක්සත් ජනපද නිලධාරීන් විසින් Tower 22 ලෙස නම් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...